අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුවන්වැලි මහා සෑය අභියස පිංකම් මාලාවක්

    අප්‍රේල් 20, 2014

    අනුරාධපුර රත්නමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස ලබන මැයි 03 සහ 04 දෙදිනෙහි කප්රුක් පූජාවක් ඇතුළු පිංකම් මාලාවක් සිදු කිරීමට නියමිතව තිබේ.


    ලබන මැයි 03 වැනිදා සුවිශේෂී කප්රුක් පූජාවක් ථූපාරාම විහාරස්ථානයේ සිට රුවන්වැලි මහා සෑය දක්වා පෙරහැරින් වටතිර, අටපිරිකර සහ නෙළුම් මල් රැගෙන පැමිණ පූජා කරන අතර එදින ම ගෞතම බුදු රජාණන් වහන්සේගේ තෙසැත්තෑ ඥානයන් උදෙසා අෂ්ඨපාන, මල්, පහන්, සුවඳ දුම් සහ ඖෂධ වර්ග සහිතව රුවන්මැලි මහ සෑ සමිඳුන් වන්දනාව සිදු කෙරේ.


    කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ ධර්ම දේශනාවක් එදින පැවැත්වේ.


    04 වැනිදා ථූපාරාම විහාරස්ථානයේ සිට ස්වාමීන් වහන්සේලා දහසක් පාවාඩ මතින් මුතුකුඩ සෙවණින් වැඩම කරවා රුවන්වැලි මහා සෑ රඳුන් අබියස දී වස විස රහිතව වගා කර ලබා ගත් සුවඳැල් සහලින් හා එළවළුවලින් පිළියෙළ කළ දානය සඟ සතු කොට පූජා කිරීම සිදු කිරීමට නියමිතය.


    ස්වාමීන් වහන්සේලා වෙත අටපිරිකර, මුතුකුඩ පූජා කිරීමෙන් අනතුරුව මෙම පිංකම අවසන් වේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya