අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අයවැය සාම්ප්‍රදායික අයවැයක් නොව, ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් රැකගන්නේ කෙසේද යන්න පෙන්වා දෙන අයවැයක්

    නොවැම්බර් 15, 2022

    ලබන වසර වෙනුවෙන් අයවැය ඉදිරිපත් කරන විට ආර්ථීක වශයෙන් අස්ථාවර වූ රට ස්ථාවර වෙමින් පවතින බවත්, මෙවර අයවැය සාම්ප්‍රදායික අයවැයක් නොව ඇතිවූ ආර්ථික ස්ථාවරබව තවදුරටත් රැකගන්නේ කෙසේද යන්න පෙන්වා දෙන අයවැයක් බවත්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

    මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ මහ බැංකු පරිශ්‍රයේ “2023 ජාතික අයවැය පිළිබඳ පශ්චාත් අයවැය සංසදය යන මැයෙන්” අද(15) පැවති විශේෂඥ මණ්ඩල සාකච්ඡාවට එක්වෙමිනි.

     

    මෙරට සියලු දෙනාටම යහපත් වන පරිදි මෙරට ආර්ථිකය ස්ථායී කරගැනීම සඳහා නව ක්‍රියාමාර්ග මෙම අයවැයෙන් ලබාදීමට උත්සාහ කර ඇති බවත්, ඉදිරියට මෙම තත්වයට මුහුණ දීමට ගතයුතු ක්‍රියාමාර්ග ගෙන ඇති අයවැයක් ලෙස මෙම අයවැය දැක්වීමට හැකියාව තිබෙන බවත්, මහ බැංකු අධිපතිවරයා පැවසීය.


    වසර ගණනක් තිස්සේ අයවැය පරතරයක් තිබෙන බවත්, මේ වන තෙක් එය පියවාගැනීමට ණය ලබාගත් බවත්, ඒ වන විට ණය ගෙවීමේ හැකියාව අඩුවී ණය අස්ථාවරබව ඇතිවූ බවත්, ණය ලබාදුන් පාර්ශව සමඟ සාකච්ඡා කරමින් ණය ප්‍රතිව්‍යුහගතකිරීමට කටයුතු කළ බවත්, මහ බැංකු අධිපතිවරයා පැවසීය.


    මෙම සිතුවීම් හේතුවෙන් ඇතිවීමට තිබූ ආර්ථික අවපාතනය වැළැක්වීමට මෙම අයවැය මගින් යම් ප්‍රමාණයේ හැකියාවක් ලැබෙනු ඇති බවත්, එසේ වුවද මෙම අයවැය රජය විසින් ආර්ථික ස්ථායීතාවය ළඟා කරගැනීමට ගතයුතු සියලු ක්‍රියාමාර්ග නොව එයින් කොටසක් පමණක් බවත්, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.


    විදෙස් ණය ලබාගැනීමෙන් රටේ ආර්ථික ස්ථාවරත්වය ලබාගැනීමට හැකියාවක් නොමැති බවත්, ඒ සඳහා ණය මත නොයැපෙන ආර්ථීකයක් ඇතිකරගතයුතු බවත්, ඒ සඳහාද මෙම ආර්ථිකයෙන් දායකත්වයක් ලැබෙන බවත්, මහ බැංකු අධිපතිවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya