ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රත්ව්‍යුහගත කිරීම පිළිබඳ සංවාදයේ සැබෑ තතු
(රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ ප්‍රධානී සුරේෂ ෂා මහතා සිදුකළ කතාවක් ඇසුරෙනි)
රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසාන අරමුණ වන්නේ සාධාරණ මිලක්, ඉහළ ගුණාත්මක භාවයක් සහ පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබා ගත හැකි බව සහතික කරමින් තරඟකාරී ආර්ථික රාමුවක් තුළ අදාළ නිෂ්පාදන සහ සේවා වැඩිදියුණු කිරීම බව රජය විසින් පත් කරන ලද රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකක ප්‍රධානී සුරේෂ් ෂා මහතා පවසයි .
පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ (CEB) බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද අන්තර්ජාල සම්මන්ත්‍රණයකදී ඒ මහතා පවසා සිටියේ, පාඩු ලබන සහ ලාභ උපයන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දුර්මතයක් ගොඩනැගී ඇති බවයි.
ඒ මහතා පවසන පරිදි, රාජ්‍ය හෝ පෞද්ගලික ඕනෑම ව්‍යවසායක්, සාමාන්‍යයෑන් ලාභාංශ සමාගමට යොමු කර ලාභාංශ පමණක් කොටස් හිමියන් හට ලබා දීමට නැඹුරු වේ. සම්පූර්ණයෙන්ම රජයට අයත් ලාභ ලබන ව්‍යාපාර සම්බන්ධයෙන් සලකා බැලීමේදී ව්‍යවසායන් ලැබෙන රාජ්‍ය ආදායම ලාභාංශවලින් පමණක් සමන්විත වන අතර, මූල්‍ය ප්‍රවාහනයට අනුව, එම ලාභාංශ මුළු රාජ්‍ය ආදායමෙන් ඉතා කුඩා සංරචකයක් ලෙස සලකනු ඇත.
යම් රාජ්‍ය ව්‍යවසායක් යම් වර්ෂයකදී රුපියල් බිලියන 1ක ලාභයක් ලබාගෙන රුපියල් මිලියන 100ක ලාභාංශයක් ප්‍රකාශ කළහොත්, එම මිලියන 100 පමණක් රජයේ ආදායමට දායක වන අතර ඉතිරි 900 සමාගම සතුව පවතිනු ඇතැයි ඔහු උදාහරණයක් වශයෙන් පැවසීය.
පසුගිය වසර 10 ක් තුළ සියලුම රජයට අයත් ව්‍යාපාරවලින් රජය වෙත ප්‍රකාශිත ලාභාංශවල සාමාන්‍යයය රාජ්‍ය ආදායමේ සංරචකයක් ලෙස ගතහොත්, එය සියයට 0.5 ක් පමණ දක්වා ක්‍රියාත්මකය. එහිදී ෂා මහතා පැවසුවේ, මෙයට රාජ්‍ය බැංකු විසින් ප්‍රකාශයට පත් කරන ලද ලාභාංශ ඇතුළත් බවයි.
“රාජ්‍ය ආදායමේ අංගයක් ලෙස සියලුම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුගත කිරීම විසින් රජයට ප්‍රකාශ කරන ලද ලාභාංශවල පසුගිය වසර 10 ක සාමාන්‍යය දෙස බැලුවහොත්, එය සියයට 0.5 ක් පමණ වන බවත් මෙයට රාජ්‍ය බැංකු විසින් ප්‍රකාශයට පත් කරන ලද ලාභාංශ ද ඇතුළත් බවත් ෂා මහතා තවදුරටත් පැවසීය.
පහත සඳහන් රජයට අයත් ව්‍යාපාර වල රාජ්‍යය් කොටස් බෙදා හැරීම අධීක්ෂණය කිරීම සඳහා ෂා මහතා ගේ ප්‍රධානත්වයෙන් යුත් රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පත් කරන ලදී.
●සීමාසහිත ශ්‍රී ලංකන් කේටරින් ලිමිටඩ් ඇතුළුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම
●ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී
●සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
●කැන්විල් හෝර්ඩින්ග්ස් පුද්ගලික සමාගම(ග්රෑන්ඩ් හයාත් හෝටලය )
●හොටේල් ඩිවලොපර්ස් ලංකා සමාගම
(කොළඹ හිලටන් හෝටලය )
● ලිට්රෝ ගෑස් ලංකා පුද්ගලික සමාගම සහ ලිට්රෝ ටර්මිනල්ස් පුද්ගලික සමාගම (ළ්ඵ්ඝ් සිල්ලර වෙළඳාම ඇතුළුව)
●ලංකා හොස්පිට්ල්. කෝපරේෂන් පී.එල්.සී
ශ්‍රී ලංකාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය ඇතුළු විවිධ විවේචකයින් ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට එරෙහිව විවේචන එල්ල කරති .
කෙසේ වෙතත්, ෂා මහතා පවසන පරිදි ලාභ ලබන හෝ වෙනත් රාජ්‍ය ව්යාපාර පෞද්ගලීකරණය කිරීමෙන් රජයට මූලික විකිණීමෙන් ලැබෙන ආදායමට අමතරව බදු අය කිරීම හරහා වැඩි ආදායමක් උපයා ගත හැකි වීම වැදගත් කරුණකි.
රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසාන අරමුණ වන්නේ සාධාරණ මිලක්, ඉහළ ගුණාත්මක භාවයක් සහ පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබා ගත හැකි බව සහතික කරමින් තරඟකාරී ආර්ථික රාමුවක් තුළ අදාළ නිෂ්පාදන සහ සේවා වැඩිදියුණු කිරීමයි.ප්රතිව්යුහගතකිරීම යනු මෙය බව ෂා මහතා පවසයි.
ලාභය සහ පාඩු ලැබීමේ කතිකාව හැරුණුකොට, කුමන ව්යාපාර පෞද්ගලීකරණය කළ යුතුද යන්න සහ රඳවා ගත යුත්තේ කුමන ව්යාපාර ච යන්න පිළිබඳව විමසා බැලීමට ද රජයට සිදුවනු ඇත. මෙම තීරණය පදනම් වන්නේ වෙළඳපල අසාර්ථකත්වයක් තිබේද නැද්ද යන කරුණ මතය.
වෙළඳපල අසාර්ථකත්වය සඳහා එක් හේතුවක් වනුයේ පාරිභෝගිකයින්ට සාධාරණ තරඟකාරීත්වයේ ප්‍රතිලාභනැවත නැවතත් ලබා නොදීමට තුඩු දෙන වෙළඳපල පාලනය කරන ඒකාධිකාරයක් හෝ පීඩාකාරී පුද්ගලයින් බිහි වීමයි.
"ඔබ රජයට අයත් ව්‍යාපාර පද්ධතිය හරහා මෙය විසඳීමට උත්සාහ කරන්නේ වෙනත් යාන්ත්‍රණයන් කළ නොහැකි නම් පමණි. නියාමනය එවැනි එක් යාන්ත්රණයක් " බව පැහැදිලි කරමින් ෂා මහතා පැවසුවේ රජය සැලකිලිමත් විය යුත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම ගැන පමණක් බවය.
විකුණුම් දෘෂ්ටිකෝණයකින් බලන විට, ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රමාණවත් ලෙස සැපයීම සහතික කිරීම සඳහා නැවතත්, රජයට අයත් ව්යාපාර හරහා අවශ්‍ය නොවන පරිදි, යම් රාජ්‍ය මැදිහත්වීමක් සඳහා අවස්ථාවක් තිබේ.
සැපයුම සහතික කිරීමට පියවර ගත යුතුද නැතහොත් එය පෞද්ගලික අංශයට පැවරිය යුතුද යන්න පිළිබඳව රජයට තීරණයක් ගත හැකිය.
රජය මැදිහත් වීම පෙන්වා දෙන මූලික තීරණය මෙම වෙළඳපල අසාර්ථකත්වය මත රඳා පවතී යනුවෙන් ෂා මහතා වැඩිදුරටත් පැවසීය.
නියාමනය යනු මිල, ගුණාත්මකභාවය සහ පහසුවෙන් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා තරඟකාරී පරිසරයක ප්රමාණවත් තරම් පුද්ගලික ක්‍රියාකරුවන් සිටින බව රජයට සහතික කළ හැකි යාන්ත්රණය වන අතර ව්‍යාපාරයක් රජයෙන් ඉවත් කළ යුතුද නැද්ද යන්න තීරණය කිරීමේ සාධකය විය යුත්තේ මෙය බව ෂා මහතා පැවසීය.
"අද පාඩු ලබන ව්‍යවසාය හෙට ලාභ ලබන ව්යවසාය විය හැක,"ලාභ ලබන රජයට අයත් ව්‍යාපාරකින් පවා ලැබෙනුයේ අවම ආදායමක් බව ඔහු නැවත වරක් අවධාරණය කළේය.
යම් ආයතනයක් බහුතර හිමිකම මත පාරිතෝෂිකයකින් තොරව අද වෙළඳපල මිලට ඉවත් කර එයින් ලැබෙන ආදායම ස්ථාවර තැන්පතුවක ආයෝජනය කර ඇති නම් , එම ආදායමෙන් ඔබ උපයන තැන්පතු පොළිය ව්යාපාරය විසින් අදාල වර්ෂයෙදී ප්‍රකාශ කරන ලාභාංශ මෙන් හතර ගුණයක් හෝ පස් ගුණයක් පමණ වනු ඇතැයි ෂා මහතා පවසයි.
“හුදෙක් මුදල් ප්‍රවාහය අනුව, මෙම ආයතන ඉවත් කිරීම අර්ථවත් බව සඳහන් කළ ඔහු, එකතු කළ අගය මත බද්දෙන් සියයට 15ක්, සමාජ ආරක්ෂණ බද්ද ලෙස සියයට 2.5ක් සහ ලාභයෙන් සියයට 30ක් ආදායම් බද්ද ලෙස උත්පාදනය කරන ලද මුළු ආදායමට එකතු වන බව වැඩිදුරටත් පැවසීය.
රාජ්‍යයට අහිමි වන ලාභදායී රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ දාමයෙන් ඉවත් කිරීම සඳහා වන්දි ගෙවීමට වඩා, අදාළ බදු ආදායම පමණක් වැඩිවනු ඇතැයිද ඔහු පැවසීය.
මහජනතාවට සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි අත්‍යාඅවශ්‍ය සේවාවන් සැපයීම රජයේ වගකීම වන බැවින් ඒ්වා රජය ලාභයට යොමු නොවිය යුතු ක්ෂේත්‍ර වේ. මේවායින් රජය ලාභයක් ලබා ගැනීම කෙරෙහි ඕනෑවට වඩා අවධානය යොමු කිරීමේ අනතුරක් ඇති බව ද ෂා අනතුරු ඇඟවීය.
රජයට අවධානය යොමු කළ යුතු මහජන අවශ්යතා බැඳීම් ඇති බව පැවසූ ඔහු, බදු ආදායම එකතු කිරීමේ ඒකාධිකාරයක් රජයට ඇති බවත්, එය තම බැඳීම් සඳහා අරමුදල් සැපයීම සඳහා භාවිතා කළ හැකි බවත් පැවසීය.
ෂා මහතා පවසන්නේ ලාභය රජයේ විෂය පථය නොව පෞද්ගලික අංශයේ විෂය පථය විය යුතු බවය. “මේ නිසා අපි SOEස් පුද්ගලික අංශය අතට පත් කිරීම ගැන සලකා බැලිය යුතුයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, විශේෂයෙන් වෙළඳපල අසාර්ථකත්වයන් සිදුවිය හැකි තැන්වලදී සමහර SOE's රජය තුළ රඳවාගැනීමට සිදුවනු ඇති බව ෂා මහතා පිළිගත්තේය.
“ ඒ ව්‍යවසාය කළමනාකරණය කරන්න අපි නිසි ක්‍රමවේදයක් හදන්න ඕන. මෙය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසකි,” ඔහු පවසා සිටියේ මෙය පුද්ගලීකරනය පිළිබඳ සාකච්ඡාවට වඩා තර්ක කළ හැකි වැදගත් කමක් ඇති බව ය.
“පසුගිය දශක කිහිපය තුළ SOE අසාර්ථක වීමට හේතු කිහිපයක් ද ඔහු හඳුනාගෙන ඇත. මේවාට රජයේ සහනාධාර රජයේ ශේෂ පත්රයට එකතු කරනවාට වඩා SOEස් තුළ නැවැත්වීම ඇතුළත් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දුර්වල ශේෂ පත්ර පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ රට තුළ බලශක්ති අර්බුදයක් ඇති වූ බව ඔහු සඳහන් කළේය.
SOE අසාර්ථකත්වයන් සඳහා ෂා මහතා විසින් ඉස්මතු කරන ලද අනෙකුත් හේතු අතර දුර්වල කළමනාකරණය, දේශපාලන පත්වීම් සහ අතිරික්ත සේවක සංක්‍යාව සහ රජයේ පද්ධති සහ පාලනය අකාර්යක්ෂමතාව වේ .
SOE එකක තීරණ ගැනීමේදී එය අවශ්‍යයෙන් ම දුෂ්කර ක්‍රියාවලියක් වන අතර අදාළ ක්‍රියාවලිය අමාත්‍ය මණ්ඩලය දක්වා යන අතර එය බොහෝ විට මාස ගණනක් ගතවනු ඇත. සමහරවිට එවැනි තීරණ සඳහා අවශ්‍ය විශේෂඥතාව කැබිනට් මණ්ඩලයට තුළ නොතිබිය හැකිය.
අනෙක් අතට පුද්ගලික අංශයේ එවැනි තීරණ ගැනීමේ ප්‍රවේශය වඩාත් කාර්යක්ෂම වන අතර සැලකිය යුතු ලෙස අඩු කාලයක් ගතවනු ඇත.
බෙදා හැරීමට අදහස් කරන රාජ්‍ය ව්‍යාපාරවල වල පාර්ශයකරුවන් ලෙස මිලියන 22 ක ජනතාවක් සිටින අතර, එබැවින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය ඉතා වැදගත් බව ෂා මහතා පැවසීය.
දේශීයව හා ජාත්යන්තරව ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ දැන්වීම් හරහා ගනුදෙනු උපදේශකයින් සොයා ගෙන ඇති අතර කැමැත්ත ප්‍රකාශ කිරීම(EOI ) සහ යෝජනා සඳහා ඉල්ලීම් (RFP) ලබාගෙන ඇති බවද ඔහු පැවසීය.
ප්‍රතිව්‍ය්හගත කිරීමේ ඒකකය ,මේ වන විට පෞද්ගලීකරණය සඳහා හඳුනාගෙන ඇති ආයතන සඳහා උපදේශකයන් කෙටි ලැයිස්තුගත කරමින් සිටින බවද පැවසීය.
මෙම උපදේශකයින් පත් කළ පසුව අලෙවිය, කඩිසරව සහ නිසි පරිදි තක්සේරු කිරීම සහ ආයෝජක දත්ත පද්ධති ( (investor data rooms) නිර්මාණය කිරීම සඳහා, මෙම ඒකකයට උපකාර කරනු ඇත.
ඉන්පසු කැමැත්ත ප්‍රකාශ කිරීම (EOI ) සහ යෝජනා සඳහා ඉල්ලීම්(RFP) හරහා ඕනෑම SOE සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ඕනෑම අයෙකුගෙන් ලංසු කැඳවීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
නිසි ඇගයීමක් මත කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ඇති අතර, සමස්ත ක්‍රියාවලියම ඉතා විනිවිද පෙනෙන අන්දමට සිදු වනු ඇති බවද පැවසූ ෂා මහතා,
අවසන් වශයෙන් මේ රටේ සියලුම පුරවැසියන් කෙරෙහි වගකිවයුතු බව රාජ්ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ සියලු දෙනා විශ්වාස කරන බවද ෂා මහතා පැවසීය.
SOE එකක තීරණ ගැනීමේදී එය අවශ්‍යයෙන් ම දුෂ්කර ක්‍රියාවලියක් වන අතර අදාළ ක්‍රියාවලිය අමාත්‍ය මණ්ඩලය දක්වා යන අතර එය බොහෝ විට මාස ගණනක් ගතවනු ඇත. සමහරවිට එවැනි තීරණ සඳහා අවශ්‍ය විශේෂඥතාව කැබිනට් මණ්ඩලයට තුළ නොතිබිය හැකිය.
අනෙක් අතට පුද්ගලික අංශයේ එවැනි තීරණ ගැනීමේ ප්‍රවේශය වඩාත් කාර්යක්ෂම වන අතර සැලකිය යුතු ලෙස අඩු කාලයක් ගතවනු ඇත.
බෙදා හැරීමට අදහස් කරන රාජ්ය ව්යපාර වල පාර්ශයකරුවන් ලෙස මිලියන 22 ක ජනතාවක් සිටින අතර, එබැවින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය ඉතා වැදගත් බව ෂා මහතා පැවසීය.
දේශීයව හා ජාත්යන්තරව ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ දැන්වීම් හරහා ගනුදෙනු උපදේශකයින් සොයා ගෙන ඇති අතර කැමැත්ත ප්‍රකාශ කිරීම (EOI ) සහ යෝජනා සඳහා ඉල්ලීම් (RFP)ලබාගෙන ඇති බවද ඔහු පැවසීය.
ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය ,මේ වන විට පෞද්ගලීකරණය සඳහා හඳුනාගෙන ඇති ආයතන සඳහා උපදේශකයන් කෙටි ලැයිස්තුගත කරමින් සිටින බවද පැවසීය.
මෙම උපදේශකයින් පත් කළ පසුව අලෙවිය, කඩිසරව සහ නිසි පරිදි තක්සේරු කිරීම සහ ආයෝජක දත්ත පද්ධති (ඉන්වෙස්ටොර් ඩට රූම්ස්) නිර්මාණය කිරීම සඳහා, මෙම ඒකකයට උපකාර කරනු ඇත.
ඉන්පසු කැමැත්ත ප්‍රකාශ කිරීම (EOI ) ) සහ යෝජනා සඳහා ඉල්ලීම්(RFP) හරහා ඕනෑම SOE සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන ඕනෑම අයෙකුගෙන් ලංසු කැඳවීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
නිසි ඇගයීමක් මත කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ඇති අතර, සමස්ත ක්‍රියාවලියම ඉතා විනිවිද පෙනෙන අන්දමට සිදු වනු ඇති බවද පැවසූ ෂා මහතා,
අවසන් වශයෙන් මේ රටේ සියලුම පුරවැසියන් කෙරෙහි වගකිවයුතු බව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ සියලු දෙනා විශ්වාස කරන බවද ෂා මහතා පැවසීය.