අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමිතියෙන් ඉහළ සෞඛ්‍යාරක්‍ෂිත ආහාර පාරිභෝගිකයින්ට ලබාදීමේ වැඩපිළිවෙළක්

    ඔක්තෝබර් 19, 2018

    ලෝක ආහාර වැඩසටහනේ (WFP – World Food Program) ශ්‍රී ලංකා නියෝජිත බ්‍රෙන්ඩා බාටොන් (Brienda Barton) මහත්මිය අද අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමු විය.

    එහිදී ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ නැංවීමත්, සුරක්ෂිතව ආහාර බෙදාහැරීමත් පිළිබඳ වැඩපිළිවෙළක් ගැන සාකච්ඡාවට බඳුන් විය. ඒ සඳහා ලෝක ආහාර වැඩ සටහනේ පූර්ණ සහාය ලබා දෙන බව බාටෝන් මහත්මිය පැවසීය.

    මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පාරභෝගිකයින්ට ආහාර බෙදා හැරීමේ ප්‍රධානතම ව්‍යාපාරික ජාලාය වන ලංකා සතොස හා සමුපකාර ව්‍යාපාරය රජය සතුව පවතින බවත්, මේ මගින් පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට ගුණාත්මක ආහාර ඉහළ ප්‍රමිතියෙන් යුතුව ලබා දෙන බවත් එමගින් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව හා ආහාර සුරක්ෂිතතාව ගැන දැඩි අවධානයක් රජය යොමු කරන බව පැහැදිලි කළේය.

    රජය ක්‍රියාත්මක කර තිබෙන එම වැඩ පිළිවෙළට ලෝක ආහාර වැඩ සටහනේ පූර්ණ සහයෝගය ලබා දෙන බව බාටෝන් මහත්මිය ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya