සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිඹුලාගල නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට

    සැප්තැම්බර් 10, 2017
    දිඹුලාගල නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඊයේ (09) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.
     
    පළමුව එහි බුද්ධ මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරා දෙනු ලැබීය. ජනාධිපතිතුමා අතින් ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ නා පැළයක් ද රෝපමණ කෙරිණි.
     
    මෙම අවස්ථාවට දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය විල්ලානේ සිරියාලංකාර නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ ජයන්ත මාරසිංහ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන එන්.ඒ. සම්පත් , එච්.එම් අන්සාර් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya