අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    36වැනි උදා ගම්මානය අද ජනතා අයිතියට

    අගෝස්තු 10, 2017
    නව "උදා ගම්මාන" වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 36වන උදා ගම්මානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පෙරියකුලම් හි "වල්ලුවර් කෝට්ටම්" ගම්මානය අද (10) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.
     
    අක්කර 05ක භූමි භාගයක පිහිටි මෙම ගම්මානය ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ 2015 ඔක්තෝම්බර් මාසයේ දී ය. ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ නව නිවාස 25කින් සමන්විත වල්ලුවර් කෝට්ටම් හි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩු පොළී නිවාස ණය ලබා දී තිබේ. සෑම නිවසක් ම පර්චස් 20ක ගෙවත්තකින් සමන්විත වන අතර පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් ව සකස් කළ අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ලබා දී තිබේ. 
     
    මෙම ගම්මානය ජනතා අයිතියට පැවරීමේ උත්සවයට සමඟාමී ව එම ගම්මානයේ පවුල් 25කට නිවාස හිමිකම් පත්‍ර ලබාදීම, "විසිරි නිවාස ණය" වැඩසටහන යටතේ ප්‍රතිලාභී පවුල් 425ක් වෙත රුපියල් ලක්ෂ 425ක ණය ආධාර ලබාදීම, ශිල්ප සවිය වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් 118දෙනෙකුට ප්‍රතිලාභ හිමිකර දීම, ජංගම සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya