සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගමට කෝටියක් වැඩසටහනෙන් මාතලේට ව්‍යාපෘති 117ක්

    අගෝස්තු 07, 2017
                                                                                         
    ජාතික තරුණසේවා සභාවෙන් ගමට කෝටියක් වැඩසටහන යටතේ පළාත් නවයම ආවරණය වන පරිදි  විශේෂ සංවර්ධන ව්‍යාපෘති  3000ක්  ක්‍රියාත්මක වන බවත් මේ යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 117ක් වෙනුවෙන්  රුපියල්  ලක්ෂ 175ක  මුදලක් ලැබී ඇති බවත් ජාතිත තරුණ සේවා සභාවේ  සහකාර අධ්‍යක්ෂ  එල්.කේ. රත්නායක මහතා පවසයි.   
     
    ග්‍රාමීය මට්ටමේ පවතින  ගැටළු හදුනාගෙන  ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ මුලිකත්වයෙන් මෙම ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීමට නියමිතය. 
     
    ව්‍යාපෘතියක්  වෙනුවෙන්  එක් ලක්ෂ පනස් දහසක මුදලක් රජය මගින් ලබාදුන්න ද  එම ව්‍යාපෘතිවල භෞතික නිමි වටිනාමක ලක්ෂ තුනකට වඩා වැඩි බවද රත්නායක මහතා පැවසීය.  
     
    ගමට කෝටියක් වැඩසටහන තුළින්  ගමේ තරුණ තරුණියන්ගේ කණ්ඩායම් හැගීම,  අභියෝග ජයගැනීම හා  ගැටළු කළමනාකරණය කිරීමට තරුණ තරුණියන් හුරුකරවීමද මෙමගින් අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘති ඇගැයීමකට ලක්කර  හොඳම ව්‍යාපෘති 10  සමාජිකයන් සඳහා විදේශ සංචාර ලබාදීමටද කටයුතු කරන බවද සහකාර අධ්‍යක්ෂවරයා පැවැසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya