සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් මධ්‍යම පළාතට මහා පරිමාණ වාරි ව්‍යාපෘති රැසක්

    අගෝස්තු 07, 2017
    වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මධ්‍යම පළාතේ වාරිමාර්ග සංවර්ධන කටයුතු සඳහා මිලියන දෙදහසක පමණ මුදලක් යොදවා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් දියත් කොට තිබේ. එයින් වැඩිම මුදලක් වෙන්‍ කොට ඇත්තේ හඟුරන්කෙත ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ගුරුගල්ඔය වාරිමාර්ග ව්‍යාපෘතිය සඳහාය. මේ සඳහා ඇස්තමේන්තුගත කොට ඇති මුදල මිලියන 780 ක් වන අතර, එම මුදලින් මේ වන විටත් මිලියන 740 කට ආසන්න මුදලක් වියදම් කොට අවසන් කර ඇත. මෙම වසරේදී ගුරුගල් ඔය ව්‍යාපෘතියේ රේ‍ඩියල් ගේට්ටු සවි කිරීමේ කටයුතු සහ රේඩියල් ගේට්ටු මෙහෙයුම් මැදිරිය ස්ථාපනය කිරීමේ කටයුතු සිදු කරමින් පවතී. 
     
    මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රදේශයේ ඉදිවන ගෝනගලතැන්න ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 120 ක මුදලක් වෙන් කොට ඇති අතර, මේ වන විටත් මිලියන 55 කට අධික මුදලක් වැය කොට සංවර්ධනය කටයුතු සිදු කොට තිබේ. 2017 වසර අවසන් වන විට එම ව්‍යාපෘතියේ වැව් බැම්මේ ඉදි කිරීම්, වාන ඉදිකිරීම සහ ‍සොරොව්ව ඉදි කිරීමේ කටයුතු සිදු කොට අවසන් කිරීමට නියමිතය.
     
    මෙම ව්‍යාපෘති දෙකට අමතරව මිනිපේ වම් ඉවුර ඇළ පුනරුත්ථාපනය කිරීමේ කටයුතු ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කොට ඇති අතර, මෙම ව්‍යාපෘති සඳහා මිලියන එක් දහස් අටසියයකට වැඩි මුදලක් වෙන් කොට තිබේ. ආරම්භක අවධියේ පවතින මෙම ව්‍යාපෘතියේ මූලික අදියරේ වැඩකටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, ඒ සඳහා රුපියල් මිලියන 300 ක පමණ මුදලක් වැය කොට තිබේ.
     
    වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන‍ මෙම මහා පරිමාණ වාරි ව්‍යාපෘතිවලට අමතරව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ද මහනුවර දිස්ත්‍රික්කය තුළ සුළු වාරිමාර්ග ව්‍යාපෘති 28 ක් සංවර්ධනය කිරීම ආරම්භ කොට තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 38 ක මුදලක් වෙන් කොට තිබේ.
     
    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබෙන අතර, මෙවැනි මූල්‍යමය වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති මීට පෙර මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කොට නොමැත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya