සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර - පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 45 ක් ගෙවා අවසන්

    අගෝස්තු 01, 2017

    රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩපිළිවෙල අනුව මාතර දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන් සඳහා 2017 යළ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 145.7 ක මුදලක් ගොවීන්ගේ ගිණුම් වලට බැර කර අවසන් බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කීර්ති අබේසිංහ මහතා පවසයි.


    කුඹුරු හෙක්ටයාර 11237.84 ක් වගා කිරීම සඳහා ගොවීන් 28968 දෙනෙකුගේ ගිණුම්වල අදාළ මුදල් මේ වන විට තැන්පත් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසී ය. මාතර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා බලප්‍රෙද්ශ 22 හි ගොවීන් තම ගිණුම් ආරම්භ කර ඇති මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා ප්‍රාදේශිය සංවර්ධන බැංකුව ඇතුළු අදාළ බැංකුවල එම මුදල් තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ. කුඹුරු අක්කරයක් සඳහා රුපියල් 5000 කි. හෙක්ටයාර 02 ක (අක්කර 05) උපරිමයකට යටත්ව එක් වී වගා කන්නයකට රුපියල් 25000 බැගින් ලබා දේ. ඒ අනුව වී වගා
    කන්න දෙක සඳහා රුපියල් 50000 ක මුදලක් හිමි වේ.


    සහකාර අධ්‍යක්ෂ වරයා තව දුරටත් පැවසුවේ පොහොර සහනාධාර මුදල් නිසි පරිදි ගිණුම් ගත වී ඇත්දැයි පරීක්ෂා කර ගැටළුවක් ඇතිනම් අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට දැනුම් දී එය නිවැරදි කර ගන්නා ලෙසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya