සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ලෙස හුම්මානය සංවර්ධනය කිරීමට සැලැස්මක්

    මැයි 17, 2017
    සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි ලෙස හුම්මානය සංවර්ධන කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටුවේ සම සභාපති දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
     
    මෙම සංවර්ධන වැඩසටහන පිළිබඳ ව තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (16) පැවති සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාමේ බව සඳහන් කළේය.
     
    “බලගතු ශ්‍රී ලංකාවක්” වැඩසටහන යටතේ දකුණු පළාත සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලැස්මට අනුව හුම්මානය සංවර්ධනය කිරීම පිළිබඳව පැවති මෙම සාකච්ජාවට වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, දක්ෂිණ සංවර්ධන මණ්ඩලය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , ප්‍රාදේශීය සභාව හා ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ .
     
    මෙහිදී හුම්මානය සංවර්ධනට මුලික සැලසුමක් සැකසීමට ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කම්ටුවක් පත් කළේය .
     
    සැහැල්ලු සංචාරක රුවල් ඔරු නැවතුම් පොලක් (මරීනා) ලෙස තංගල්ල වරාය සංවර්ධන වැඩසටහනට සමගාමිව හුම්මානය සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කිරීමට නියමිතය . මේ යටතේ මුහුදේ සිට හුම්මානය නැරඹීමට පහසුකම් සැලසීම, මින් මැදුරු, ජල තටාක, ළමා උද්‍යාන මෙන්ම නිවාඩු නිකේතන ඉදිකිරිම සැලසුම වන අතර ඊට සමගාමිව සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ලෙස ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධන කිරීම සිදු කෙරේ .
     
    මෙම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සේම පැමිණෙන සංචාරකයන් රඳවා ගැනීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය පිළිබඳව ද වැඩි අවධානය යොමු කළ යුතු බව මෙම සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya