ඒ අනුව නාරා ආයතනය මගින් මුතු වගාව (Pearl Culture) නැවත වතාවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. මෙහිදී මුතු වගාව සිදු කරනුයේ නව තාක්ෂණය උපයෝගි කර ගනිමිනි. විශේෂයෙන් කඹ විශේෂයක් උපයෝගි කර ගනිමින් ඒ ඔස්සේ බෙල්ලන්ගේ බිත්තර එල්ලා ඒ තුළ මුතු බෙල්ලන් වැඩීමට ඉඩ සැළසෙන පරිදි මුතු නිපදවීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දෙනු ලබයි. මෙම ව්‍යාපෘතිය ධීවර ජනතාවට අමතර ආදායම් මාර්ගයක් සැලසෙන පරිදි ක්‍රියාත්මක කරන්නැයි ද අමාත්‍යවරයා නාරා ආයතනය වෙත උපදෙස් දුන්නේය.
අතීතයේ දී ශ්‍රී ලංකාවේ මුතු සම්පත පිළිබඳව මුළු ලෝකය පුරාම ප්‍රචලිත ව තිබු අතර, අධිරාජ්‍යවාදී ආක්‍රමණ සඳහා මුළිකව වශයෙන් බලපා තිබුනේ ශ්‍රී ලංකාවේ මුතු සම්පත හා ඇත් දළ බව ඓතිහාසික සාධකවලින් හෙළිවේ. විශේෂයෙන් අපේ රටේ මුතු සඳහා ජාත්‍යන්තර වෙලෙදපොලේ ඉහළ ඉල්ලුමක් පැවතුනත්, පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ මුතු වගාව මුළුමනින්ම තුරන් වී ගියේය. හලාවත සිට සිලාවතුර දක්වා මුහුදු කලාපයේ මුතු බෙල්ලන් සඳහා ඉතාමත් ප්‍රචලිතව තිබුනත් විවිධ ස්වාභාවික හේතුන් නිසා (ගංවතුර, සුනාමි, මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම පරිසර සාධක) හේතුවෙන් මුතු බෙල්ලන් වර්ධනය වීම ඇන හිටියේය.
මේ නිසා ශ්‍රී ලංකාවේ මුතුවලට ආසියාවේ තිබු වෙළෙඳපොළ අපිට අහිමි වු අතර, එය බංග්ලාදේශය, පකිස්ථානය චීනය හා ඉන්දියාව වැනි රටවලට හිමිවිය. වර්තමානයේ මුතු අපනයනයෙන් වැඩිම ආදායමක් උපයන රට වන්නේ පකිස්ථානයයි. පකිස්ථානය වාර්ෂිකව ඩොලර් මිලියන 6700ක් මුතුවගාවෙන් උපයයි. ඉන්දියාව ද වාර්ෂිකව ඩොලර් මිලියන 150ක මුදලක් උපයයි.