සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක්

    මැයි 16, 2017
    සෞඛ්‍ය සේවාව නංවාලීමේ අරමුණින් විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු ඇතුළු සියලු ම සෞඛ්‍ය සේවකයින්ගේ නිල නිවාස ගැටලුව වසර 2020ට පෙර අවසන් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    පළමු අදියර යටතේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු සඳහා නිල නිවාස ඉදිකිරීමට නියමිතය. ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම මේ වන විට ආරම්භ කොට ඇත. පළමු අදියරේ නිවාස ඉදිකිරීමෙන් පසු හෙද, අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් සඳහා ද, ඉන් පසු සෙසු සෞඛ්‍ය සේවකයින් සඳහා ද නිවාස ඉදිකිරීමට සැලසුම් කොට ඇත. මෙම නිවාස සුුඛෝපබෝගී නිවාස ලෙස සකස් කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. නිවාස ඉදිකිරීම සඳහා දෙස් විදෙස් සහයෝගය ලබාගැනීමට ද නියමිතය.
     
    සෞඛ්‍ය සේවකයින්ගේ නිල නිවාස ගැටලුව හේතුවෙන් රෝහල්වල සෞඛ්‍ය සේවාවන්ට බාධා මතුව ඇත. ඇතැම් පර්යන්ත සහ දිසා රෝහල්වලට ස්ථාන මාරුවීම් ලබන වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයින් නිල නිවාස නොමැතිවීමෙන් ගැටලු රැසකට මුහුණ දී සිටිති. මේ පිළිබඳ ව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා නිල නිවාස ඉදිකිරීමට තීරණය කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya