සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරණායක නිවාස අහිමිවූවන්ට "සෙනෙහෙ සියපත" වෙතින් නව නිවාස

    මැයි 16, 2017
    පසුගිය වසරේ මැයි මස 17දා සිදු වූ දරුණු නායයාමේ ඛේදවාචකයෙන් නිවාස අහිමි වූ අරණායක ප්‍රදේශයේ පවුල් 30ක් වෙනුවෙන් නව නිවාස ලබාදීම ආපදා කළමණාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිණි.
     
    මෙම නව නිවාස 30 ඉදිකිරීමේ කාර්යයේ දී ත්‍රිවිධ හමුදාවන් සිය තාක්‍ෂණය සහ ශ්‍රම දායකත්වය ලබාදී තිබු අතර යුද ගුවන් සහ නාවික හමුදාවන් මගින් නිවාස 10 බැගින් ඉදිකර තිබුණි.
     
    පසුගිය වසරේ සිදු වු මහා ගංවතුර සහ නායයෑමෙන් විපතට පත් පිරිස් වෙනුවෙන් සහන සැලසීම පිණිස ආරම්භ කරන ලද "සෙනෙහෙ සියපත" ව්‍යාපෘතිය යටතේ නව නිවාස නිවාස 30ක් මෙයට පෙරද ලබාදුන් අතර පසුගිය වසරේ ඔක්තෝබර් 29 වන දින ව්‍යාපෘතියේ තෙවන අදියර ලෙස අවතැන් වු ජනතාව වෙත නිවාස තනාදීම සඳහා "සෙනෙහෙ සියපත" ගම්මානයට මුල්ගල තබන ලදි. මෙම නිවාස 30 තැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් විසින් නොමිලයේ සපයන ලද අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයෝ ඊට ශ්‍රමයෙන් දායක වුහ. 
     
    ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, ආරක්‍ෂක අමාත්‍යාංශය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ඩයලොග් ආසියාටා සමාගම, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාව සහ සීමාසහිත ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) "සෙනෙහෙ සියපත" ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ හවුල්කරුවෝ වෙති.
     
    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ගයන්ත කරුණාතිලක, කබීර් හෂීම්, රුවන් විජයවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya