සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "උදා ගම්මාන" ජනතාවාදී වැඩපිළිවෙළක් - නිවාස ඇමැති

    මැයි 15, 2017
    විනිවිද භාවයෙන් යුතුව රටේ සම්පත් පොදු ජනතාව වෙනුවෙන් කැප කළ ඉතා ශක්ති සම්පන්න ජනතාවාදී වැඩපිළිවෙළක් හැටියට "සැමට සෙවණ - උදාගම්මාන" වැඩපිළිවෙළ හැඳින්විය හැකි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "සමණබැද්ද" මහතිසගම උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමිනි.
     
    පසුගිය මහමැතිවරණයෙන් පසුව ඇරඹු "සැමට සෙවණ" වැඩපිළිවෙළ යටතේ ඉදි කළ 27වැනි උදාගම්මානය මෙය වේ. මෙම වැඩසටහනට සමඟාමී ව ප්‍රතිලාභී පවුල් 500කට නිවාස වැඩිදියුණු කරගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක් වටිනා ණය ආධාර පිරිනැමීම ද සිදු විය. එමෙන් ම වකුගඩු ආසාදිත තත්ත්වයෙන් විපතට පත්වූ පවුල් 50කට රුපියල් ලක්ෂ 100ක වියදමින් නිවාස ආධාර පිරිනැමීම ද සිදු විය.
     
    රටේ සෑම පළාතක් ම සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි තවත් උදා ගම්මාන 380ක් මේ වන විට ඉදිවෙමින් පවතින බවත් මේ වසර අවසන්වීමට පෙර උදා ගම්මාන 500ක් ඉදිරිකිරීමේ අරමුණ තම අමාත්‍යංශය සතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    2017 වසර දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන අතර ම "ග්‍රාම ශක්ති" නමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජාතික කමිටුවක් පත්කොට ඇති බවත් එම වැඩසටහන ශක්තිමක් කරලීම උදෙසා "ග්‍රාම ශක්ති - උදා ගම්මාන" නමින් නිවාස වැඩපිළිවෙළක් ද මෙම වසරේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    පොදු ජනතාවගේ බලාපොරොත්තුවලට මුල්තැන දෙමින් මිනිස්කම කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධනය ක්‍රියාත්මක කරන බවත් ලබාදුන් ජනවරමින් සාධාරණයක් ඉටුකරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya