සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවීන් 48357 දෙනෙකුට වගා හානි වන්දි පිරිනැමේ

    මැයි 13, 2017

    ජල හිගය නිසා 2016/17 වර්ෂවල මහ කන්නයේ වගා හානි සිදු වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් 48357 දෙනෙකුට වගා හානි වන්දි ගෙවා ඇති බව කුරුණෑගල කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ යූ.ආර්.ඒ.කේ.සී කේමරත්න මහතා පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටුවේ දී ප්‍රකාශ කළේය.

    මෙම මුදල් ලංකා බැංකුව, මහජන බැංකුව , ග්‍රාමීය සංවර්ධන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන බැංකු හරහා ගෙවීම් කර ඇති අතර ගෙවා ඇති මුලු මුදල රුපියල් 41,82 , 88050 කි.

    මීට අමතරව පොහොර සහනාධාර නොලබා මහ කන්නයේ වගා හානි වූ ගොවීන් සදහා ද , ජලය හිගකම මත වගා නොකළ ගොවීන් සදහා ද එම කන්නයේ අතිරේක බෝග වගා කර වගා හානි වූ ගොවීන් සදහා ද වගා හානි වන්දි ගෙවීමට නියමිත බව කේමරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya