අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි අභිමාණී - 2017 අභිමාණවත්ව මාතර දී

    අප්‍රේල් 04, 2017

    සමෘද්ධි අභිමාණී - 2017 අලෙවි ප්‍රදර්ශනය හා අලෙවි පොළ පසුගියදා මාතර උයන්වත්ත ළමා උද්‍යාන පරිශ්‍රයේ දී  පැවැත්විණි.

    එහි සමාරම්භය සනිටුහන් කරමින් රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති ගාමිණී සේනානායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

     

    රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන, රස කැවිළි, පාවහන්, සම් භාණ්ඩ, ආහාර වර්ග, මල් හා මල් පැළ, බෑග් වර්ග, මුළුතැන්ගෙයි උපකරණ, විසිතුරු නිෂ්පාදන, එළවලු හා පළතුරු, පැළ වර්ග, කාබනික පොහොර, ධාන්‍ය වර්ග ඇතුළු විවිධ නිෂ්පාදන මෙම සමෘද්ධි අලෙවි ප්‍රදර්ශනය තුළ දක්නට ලැබුණි.

     

    මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසය ම නියෝජනය කරමින් සමෘද්ධිලාභී පවුල්වල කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් කුටි හතලිහකට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනය තුළ තිබුණි.

    මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් හා සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සිරිල් කේ.ලියනගේ මහතා ඇතුළු මාතර දිස්ත්‍රික් සමෘද්ධි අංශය මෙය සංවිධානය කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya