නුවරඑළිය නගර මධ්‍ය යේ පැවැති මෙම සමාරම්භක උත්සවය වෙනුවෙන් පාසල්, පෙර පාසල් ඇතුළු තූර්යවාදක කණ්ඩායම් 54ක් සඳහා සිසු දරු දැරියන් දෙදහසකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.
මෙම මස 26 වන දා දක්වා පැවැත්වෙන මෙවර වසන්ත සැණකෙළිය තුළදී විනෝදාත්මක ක්‍රීඩා වැඩසටහන්, අධ්‍යාපන වැඩසටහන්, ඡායාරූප ප්‍රදර්ශන, මල් ප්‍රදර්ශනය, ගෙවතු වගා තරග, තරඟ තුරග, මෝස්‌තර නිරූපණ ශිල්පී තරග, ස්‌පීඩ් රේසිං බෝට්‌ටු තරග, 4x4 ජීප් තරග, කාර් සහ මෝටර් බයිසිකල් තරග, රාත්‍රී සංගීත සංදර්ශන ඇතුළත්ව ඇත.
මෙම අවස්ථාවේදී නාගරික කොමසාරිස් රුවන් රත්නායන මහතා පවසා සිටියේ පෙර වසන්ත සමයන්ට වඩා මෙවර සංචාරකයන් වෙනුවෙන් විශේෂ පහසුකම් රැසක් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් මිලියන දෙකක පමණ අතිවිශාල සංචාරකයින් පිරිසක් පැමිණෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්ය.