අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඵලදායීතා සංකල්පය ගැන පළාත් මට්ටමින් ප්‍රවර්ධන වැඩසටහනක්

    අප්‍රේල් 03, 2017

    ඵලදායීතා සංකල්පය පිළිබඳ දිවයින පුරා පිහිටි රාජ්‍ය අංශයේ කාර්යාල දැනුවත් කිරීමේ අරමුණින් ඵලදායීතා ලේකම් කාර්යාලය මගින් ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කොට තිබේ.

    පළාත් මට්ටමින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ සමාරම්භක අවස්ථාව අද (03) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ආරම්භ වූ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

    ඒ අනුව අද දිනයේදී ඵලදායීතා ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය මඟින් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයන්හි මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. හෙට දිනයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, අනතුරුව මෙය දිවයින පුරා පළාත් මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.

    මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා සහ ඵලදායීතා ලේකම් කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ සුරංග ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාතේ ඵලදායීතා සංවර්ධන නිලධාරින් රැසක්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya