අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය ISO 9001 : 2008 අන්තර්ජාතික ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි.

    මාර්තු 24, 2014

    වර්ග සැතපුම් 2861කින් සමන්විත, මහනුවර, අම්පාර, ‍මොනරාගල, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්‍‍ගෙන් මායිම් වන, රමණීය භූමිභාගයක පිහිටි බදුල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ISO 9001 : 2008 අන්තර්ජාතික ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි.


    වර්තමාන‍යේදි මේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාස 15කට ‍බෙදුණු පරිපාලන ව්‍යුහයකින් සමන්විතව ඇත.


    බදුල්ල දිස්ත්‍රික්ලේකම් කාර්යාලය බදුල්ල දිස්ත්‍රික්ක‍යේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වශ‍යෙන් හා ප්‍රාදේශීය පරිපාලන‍යේ නියමුවා වශ‍යෙන්, “ දිස්ත්‍රික්ක‍යේ හා එහි ජනතාව ජාතික සංවර්ධනයට දායක වන පරිදි ස්ථිරසාර සංවර්ධනයක් උ‍දෙසා රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූල වූ මනා සැලැස්මකින් යුතු වෙයි.

    එසේම සම්පත් හා ආයතන ඵලදායි ‍ලෙස ‍මෙ‍හෙය වන්නා වූ මනා සම්බන්ධීකරණයක් තුළින් ජනතා අවශ්‍යතා කාර්යක්ෂ්මව, සාධාරණව, යුක්තිගරුකව හා මිත්‍රශීලීව ඉටුකිරීම ” තම ‍මෙ‍හෙවර කරගනිමින් අභිමානවත් ජනතා ‍සේවයකට ඇප කැප වී සිටිම සම්මානයෙන් පිදුම් ලැබීමට හේතු වී තිබේ..


    එ‍සේ ලබාදෙන්නා වූ ජනතා ‍සේවය වඩාත් කාර්යක්ෂමව හා සඵලදායීව ඉටුකිරීම ‍වෙනු‍වෙන් බදුල්ල දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය, ජාතික ඵලදායිතා තරඟාවලියේ, 2006 වස‍රේදී කුසලතා සම්මාන‍‍යකිනුත්, 2007 වස‍රේදී ඌව පළාත් ප්‍රථම ස්ථාන‍යෙන් හා ‍‍ ජාතික මට්ට‍මේ තෙවන ස්ථාන‍යෙනුත්, 2008 වස‍රේදී ඌව පළාත් ප්‍රථම ස්ථානය හා ජාතික මට්ට‍මේ ප්‍රථම ස්ථාන‍යෙනුත් පිදුම් ලැබී තිබේ.


    ඉන් ‍නොනැවතුණු ජනතා හිතකාමී ‍සේවාව තවදුරටත් පිළිගත් ප්‍රමිතිකරණයකට අනුව සැපයිය යුතුය යන්න බදුල්ල මහ දිසාපති ‍රෝහණ කීර්ති දිසානායක මහතා‍ගේ ඒකායන අභිමතාර්ථය විය. ඒ අනුව එතුමා‍ගේ පූර්ණ මඟ‍පෙන්වීම හා උප‍දේශකත්ව‍ය මත, අති‍රේක දිසාපති එම්.ඒ.එච්.සිල්වා මහතා‍ගේ අප්‍රතිහත කැපවීම හා ‍මෙ‍හෙයවී‍මෙන් ISO 9001 : 2008 අන්තර්ජාතික ප්‍රමිති සහතිකය බදුල්ල දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයට ලබා ගැනීමට හැකි විය.

    ඌව පළාතේ රාජ්‍ය ආයතනයක් ISO 9001 : 2008 අන්තර්ජාතික ප්‍රමිති සහතිකය හිමිකරගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර, බාහිර උපදේශකත්වයකින් තොරව මෙම සහතිකය හිමිකරගැනීම මෙහිදී සුවිශේෂී වේ.

    එම ගමනේදී හපුතලේ ප්‍රාදේශීය ලේකම් අනුර හේමකුමාර මහතාගෙන් හා හිටපු සහකාර දිස්ත්‍රික් ලේකම් ආර්.එච්.සී.ප්‍රියන්ති මහත්මියගෙන් ලැබුණු සහයෝගය හා දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීම හා උනන්දුව මෙම සම්මානය ලබාගැනීමට විශාල ශක්තියක් වී ඇත.
    Jr/SH_dmu_ badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya