මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ මත්ස්‍ය නිෂ්පාදනය තුන් ගුණයකින් වර්ධනය වෙලා

    මාර්තු 24, 2014

    උතුරේ ධීවර ජනතාවට යාත‍්‍රා 800කට වැඩි ප‍්‍රමාණයක්, බෝට්ටු එන්ජින් සහ දැල් ආදිය බෙදා දුන් නිසා විශාල මාළු නිෂ්පාදනයක් උතුරෙන් ලැබෙන බවත් යුද්ධයෙන් උතුර නිදහස් කරගන්නා විට ධීවර කර්මාන්තය, ජාතික නිෂ්පාදනයෙන් සියයට 7ක් වූ අතර මේ වන විට එය සියයට 21 දක්වා තුන් ගුණයකින් වැඩි වී ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මන්නාරම ප‍්‍රදේශයේ ප‍්‍රජා ශාලා, මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන විවෘත කරමින් හා ධීවරයින්ට යාත‍්‍රා හා දැල් ආම්පන්න බෙදා දීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

    මෙහිදී ඔරු 100ක් හා දැල් ආම්පන්න කට්ටල ධීවරයන්ට බෙදා දෙනු ලැබීය. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 10කි.

    මීට අමතරව අමාත්‍යවරයා අතින් කනගරායකුලම් ප‍්‍රජා ශාලාව ද විවෘත කෙරුණි. ඒ සඳහා වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ 20කි. වන්නිකුලම් ප‍්‍රජාශාලාව ජනතා අයිතියට පත් කළ අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 21ක් වැය කරන ලදී. රජය විසින් රුපියල් ලක්ෂ 80ක් වැය කර ඉදිකරන ලද මන්නාරම මත්ස්‍ය බීජ නිෂ්පාදන ඒකකය ද අමාත්‍යවරයා අතින් විවෘත කරනු ලැබීය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මිරිදිය කර්මාන්තය දියුණු කරන්නට වව්නියාවේ වැව් 3කට ඔරු, දැල්, මාළු පැටව් ආදිය බෙදා දුන් බවත් යෝධ වැව ව්‍යාපෘතියට ජපන් රජයෙන් වෙන්කළ මුදලින් රුපියල් ලක්‍ෂ 82ක් වැය කර පොකුණු 12ක් සකස් කිරීමට පියවර ගත් බවත් සඳහන් කළේය.

    රජයෙන් යාත‍්‍රා 100ක් මන්නාරම දිස්ත‍්‍රික්කයට බෙදා දෙනු ඇත. දැනට යාත්‍රා 32ක් ගෙනැවිත් තිබේ. නැක්ඩා ආයතනය මඟින් කුඩා ඇඟිල්ලන් මසුන් 75,000ක් යෝධ වැවට මුදා හරින බවද ඔහු පැවසීය. අභිජනන මධ්‍යස්ථානයක් මුතියන්කණ්ඩුවල පිහිට වූ අතර ඉරණමඩුවල වෙනම මිරිදිය මධ්‍යස්ථානයක් පිහිටුවීමටද පියවර ගැනේ. මේ මඟින් වසරකට මාළු පැටව් මිලියන 500ක් ඇති කළ හැකියි. මේ වසර අවසන් වන විට එය විවෘත කරන අතර ඒ සඳහා රුපියල් මිලියන 400ක් වැය කරයි.

    ලෝකයේ මිරිදිය නිෂ්පාදනයෙන් 90%ක් ආසියාවේ නිෂ්පාදනය කරයි. මේ වනවිට උතුරුකරයට බෙදා දුන් යාත‍්‍රා ප‍්‍රමාණය 1000කට වැඩියි. දකුණේ ධීවර කර්මාන්තයට වඩා උතුරේ ධීවර කර්මාන්තය සංවර්ධනයට මුදල් වැයකර තිබේ. එයට හේතුව මේ ප‍්‍රදේශය ධීවර කර්මාන්තයේ මුලස්ථානය බවත් මත්ස්‍ය නිෂ්පාදනයෙන් 43%ක් උතුරෙන් බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya