මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේරුවල සංචාරක පුරවරය ආශ්චර්යමත් ලෙස ගොඩනැගීමට පියවර

    මාර්තු 24, 2014

    බේරුවල හා බෙන්තොට පළමු වතාවට සංචාරක කලාපයක් බවට පත්කරන්න හැකි වූ නිසා අද මුළු ලොවම බේරුවල ගැන දන්නා බවත් බේරුවල සංචාරක පුරවරය ආශ්චර්යමත් ලෙස ගොඩනැගීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බේරුවල, මොරගල්ලේ පැවති සංචාරක මඟපෙන්වන්නන්ගේ විශේෂ හමුවකදීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ඔබගේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පෙන්වා දුන්නේය. 1967 ජේ.ආර්. ජයවර්ධන මහතා සංචාරක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට සංචාරක ව්‍යාපාර පනත ගෙනැවිත් ලංකාවේ සංචාරක ව්‍යාපාරය ස්ථාපිත කළේය. එය ස්ථාපිත කරන විට හෝටල් දෙකක් ඉදිකර තිබුණි. ඒ බෙන්තර බීච් හෝටලය හා බාබේරියන් හෝටලයයි. සංචාරක ව්‍යාපාරයේ ආරම්භය මෙයයි. මේක සංචාරක කලාපයක් කරන්න කිසි කෙනෙකුට අවශ්‍යතාවක් තිබුණේ නැති බවත් මේ තත්ත්වය හැටියට සංචාරක ව්‍යාපාරය කඩා වැටෙන්න ඉඩතිබුණ නිසා මෙහි සංචාරක කලාපයක් ඉදිකිරීමට තමා අවශ්‍ය පියවර ගත් බවද ඔහු පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya