අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රෝටීන් සපිරි මාළු සුප් කැටයක් ධීවර අමාත්‍යාංශයෙන්

    මාර්තු 24, 2014

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් ඔමේගා - 3 සහිත ප්‍රෝටීන් සපිරි සුප් කැටයක් වෙළෙඳපොළට හඳුන්වා දීමට සුදානම් බව එම අමාත්‍යාංශය පවසයි.

    මේ සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් ලැබී තිබේ. මේ වන විටත් ධීවර අමාත්‍යාංශය මාළු සුප් කැටයක් සකස් කිරීමට අදාළ පර්යේෂණාත්මක අත්හදා බැලීම් කිරීමට කාර්මික තාක්‍ෂණ ආයතනයට භාර දී තිබේ. මෙය නිෂ්පාදනයේදී ලබාගත යුතු අමුද්‍රව්‍ය, රසායන ද්‍රව්‍ය, කළ යුතු රසායනාගාර පර්යේෂණ හා විශ්ලේෂණ සහිතව සුප් කැටය නිර්මාණය සඳහා රුපියල් ලක්‍ෂ 3.5ක් පමණ වැය වේ. ඒ සඳහා අත්තිකාරම් මුදලක් අදාළ ආයතනය වෙත ගෙවා ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කළේය.

    මාළු සුප් කැට නිර්මාණය සඳහා මාළු වර්ග කිහිපයක් ඇසුරින් පර්යේෂණ පැවැත්වේ. එය ජලයේ දියවීමේ ප්‍රතිශතය හා ඉන්ද්‍රිය ගෝචර බව, සුප්කැට කල් තබාගැනීමේ ක‍්‍රමවේද හා පෝෂණ අගය නිර්ණය කිරීමද කාර්මික තාක්‍ෂණ ආයතනයේ පර්යේෂණ මඟින් සිදු කෙරේ. එකී පර්යේෂණ කටයුතු අවසන් කළ වහාම මෙම මාළු සුප් කැටය වෙළෙඳපොළට හඳුන්වාදීම ධීවර අමාත්‍යාංශයේ බලාපොරොත්තුවයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya