Prabhath Rathnayaka
ළමුන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී දේශපාලඥයන්ගේ හෝ කාගෙවත් න්‍යාය පත්‍ර පසුපස නොයන සාධාරණ ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම්වරයා මෙන්ම එක්සත් ජාතීන්ගේ ආසියා පැසිෆික් සංවර්ධන කණ්ඩායමේ සභාපතිවරයා වන හවුලියැං සු මහතා සංචාරයක් සඳහා අප්‍රේල් 04 වනදා ශී‍්‍ර ලංකාවට පැමිණේ.
ප්‍රවීණ සිනමා අධ්යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 96 වන උපන් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ජන්ම දිනය අප්‍රේල් 05 දිනය යෙදේ.
‘’ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ තිරසර සංවර්ධනය උදෙසා සංචාරක ක්ෂේත්රයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ හා සංවිධානවල වත්මන් කාර්යභාරය'' මැයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අප්‍රේල් මස05 දින පෙ.ව. 8.30ට කොළඹ විශ්වවිද්‍යාලයීය ප්‍රධාන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.