මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම්වරයා ශී‍්‍ර ලංකාවේ සංචාරයක

    අප්‍රේල් 04, 2015
    unඑක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම්වරයා මෙන්ම එක්සත් ජාතීන්ගේ ආසියා පැසිෆික් සංවර්ධන කණ්ඩායමේ සභාපතිවරයා වන හවුලියැං සු මහතා සංචාරයක් සඳහා අප්‍රේල් 04 වනදා ශී‍්‍ර ලංකාවට පැමිණේ.
     
    ඒ මහතා දිවයිනට පැමිණෙන දෙවන අවස්ථාව මෙය වන අතර ඔහු අපේ‍්‍රල් 10 වන දා දක්වා ශී‍්‍ර ලංකාවේ රැදී සිටි.
     
    හවුලියැං සු මහතා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ සහකාර පරිපාලකවරයා ලෙසින් ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ ආසියා හා පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙසින් ද කටයුතු කරනු ලැබේ.
     
    නව දේශපාලන වාතාවරණය තුළ ශී‍්‍ර ලංකාව තුළ පැන නැගෙමින් පවතින නව සංවර්ධන අවශ්‍යතා හා අපේක්ෂා අධ්‍යයනය කිරීම සඳහා ඔහු ඉහළ පෙළේ රජයේ නිලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ සිවිල් සමාජය හමු වී අදහස් හුවමාරු කිරීමට අපේක්ෂාවෙන් සිටියි.
     
    ඒ අතරතුර එක්සත් ජාතීන් ශී‍්‍ර ලංකාවට ලබා දෙන සහායේ අනාගත ගමන් මග විශේෂයෙන් ම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඉටු කරන කාර්ය භාරය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගතයුතු පියවර අවබෝධ කර ගැනිම ඔහුගේ සංචාරයේ තවත් අරමුණකි.
     
    හවුලියැං සු මහතා කීර්තිමත් සිවිල් සමාජීය නියෝජිතයන් සමඟ ශී‍්‍ර ලංකාවේ සංවර්ධන දැක්ම සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති පිළිබඳ සංවාදයක ද නිරත වීමට බලාපොරොත්තුවෙන් සිටියි.
     
    එසේම ඔහු උතුරු මැද පළාත්වල ද සංචාරය කරනු ඇත. එහි දී ඔහු නිලධාරීන්, ප‍්‍රජා මූල සංවිධානවල නියෝජිතය් සහ සංවර්ධන වැඩසටහන්වල ප‍්‍රතිලාභින් හමු වී සාකච්ඡා කොට ඒ ඒ දිස්ති‍්‍රක්කවල සංවර්ධන ප‍්‍රමුඛතාවයන් සහ වැඩිදුර සහාය අවශ්‍ය කරන අංශ කවරේ දැයි සොයා බැලිමට ද නියමිතය.
     
    ඒ මහතාගේ සංචාරය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහායෙන් ශී‍්‍ර ලංකාවේ බිම් මට්ටමෙහි කි‍්‍රයාත්මක ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් ද කරුණු සොයා බලනු ඇත.
    මූලශ්‍රය-piru
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya