මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමුන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී සාධාරණ ක්‍රමවේදයක් පිළිබඳ අවධානය

    අප්‍රේල් 04, 2015

    akila viraj
    ළමුන් පාසල්වලට ඇතුළත් කිරීමේ දී දේශපාලඥයන්ගේ හෝ කාගෙවත් න්‍යාය පත්‍ර පසුපස නොයන සාධාරණ ක්‍රමවේදයක් සකස් කිරීමට  බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.
     
    ‘’ගුරුවරු දස දහසක පමණ අතිරික්තයක් තිබෙනවා.පසුගිය කාලේ දේශපාලන ලැයිස්තුවලින් තොග පිටින් ළමුන් පාසල්වලට දැම්මා. අපි නැවත ඒවා ශිෂ්ට සම්පන්න ක්‍රමයට කරන්න බලාපොරොත්තු වෙනවා.දේශපාලඥයන්ගේ පසුපස,කාගෙවත් න්‍යාය පත්‍ර පසුපස යන්නේ නැතිව සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන්නට බලාපොරොත්තු වෙනවා.’’
     
    පාදුක්ක ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya