ජනවාරි 08 දින අත් කරගත් ජනතා ජයග්‍රහනය සමරන ''මෛත්රිපාලනයක්- ස්ථාවර රටක්'' වර්ෂ පූර්ණ පදවි ප්රාප්ති සැමරුමට සමගාමීව ජාතික වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවෙයි.
යහපාලනය, ප්රජාතන්ත්රවාදය,නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් ජනවාරි 08 දින අත් කරගත් ජනතා ජයග්‍රහනය සමරන ''මෛත්‍රි පාලනයක්- ස්ථාවර රටක්'' වර්ෂ පූර්ණ ජාතික උත්සවය අද (08) මහත් අභිමානයේ පැවැත්වීමට නියමිතය.
ජනපති පදවිප්‍රාප්ති පළමු වසර සැමරීම සඳහා දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන කෘෂීකර්ම අමාත්‍යංශය අද (08) සිට ක්‍රියාත්මක කිරීමට වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබේ.