නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''මෛත්‍රිපාලනයක්- ස්ථාවර රටක්'' වර්ෂ පූර්ණ පදවි ප්‍රාප්ති සැමරුමට සමගාමීව ජාතික වැඩසටහන් රැසක් Featured

    ජනවාරි 08, 2016

    ජනවාරි 08 දින අත් කරගත් ජනතා ජයග්‍රහනය සමරන ''මෛත්‍රිපාලනයක්- ස්ථාවර රටක්'' වර්ෂ පූර්ණ පදවි ප්‍රාප්ති සැමරුමට සමගාමීව ජාතික වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවෙයි.


    මෙම ජාතික වැඩසටහන් අද (08) සහ හෙට (09) ක්‍රියාවට නැංවෙයි.

    ඒ අනුව අද (08) දින කළුතර ඓතිහාසික බෝධි රාජයානන්වහන්සේ වැඩවසන භූමිය කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත
    සන්නසකින් පවරා දීම සිදු කෙරේ.

    නාගවිහාරයේ දී අපවත් වී වදාල මාඳුළුවාවේ සෝභිත හිමිපාණන්ට පුෂ්ප උපහාර දැක්වීම පෙ.ව. 10.00 සිදු කිරීමට නියමිතය.

    පෙ.ව. 11.00 සිට '' ජනපති හදබිම- ජනතිට කියන්න'' වැඩසටහන දියත් කිරීම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
    ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.සංවර්ධන ඇගයීම් කාර්යාලය විවෘත කිරීම ද මීට සමගාමීව සිදු කෙරේ.

    සවස 2.00ට ''මෛත්‍රිපාලනයක් ස්ථාවර රටක් වර්ෂ පූර්ණ ජාතික උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.


    රාත්‍රී 8.00ට අතිගරු ජනාධිපතිතුමාට, රජයට සහ ජනතාවට සෙත් පතා පිරිත් පිංකමක් පැවැත්වෙන අතර 09 දින උදැසන දානමය
    පිංකමක් පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya