සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පදවිප්‍රාප්ති සැමරුම්- 2016-2018 ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන් රටපුරා

    ජනවාරි 08, 2016

    ජනපති පදවිප්‍රාප්ති පළමු වසර සැමරීම සඳහා දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන කෘෂීකර්ම අමාත්‍යංශය අද (08) සිට ක්‍රියාත්මක කිරීමට වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබේ.

    ඒ අනුව;කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන හා වී වගාවේයන්ත්‍රානුසාරයෙන් පැළ සිටුවන ලද අක්කර 22ක පමණ වූ යාය නිරීක්ෂණය.

     

    ආණමඩුව ප්‍රදේශයේ ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපාරික මට්ටමේ අන්නාසි වගා නිරීක්ෂණ චාරිකාව.බලතගොඩ වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම.මාකඳුර පර්යේෂණ ආයතනයේ කාබනික පොහොර පුහුණු මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම.බණ්ඩාරවෙල පර්යේෂණ ආයතනයේ සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ල විවෘත කිරීම හා  ගොවීන් විසින්  Gzero (G0) ක්‍රමය යටතේ කරනු ලබන අර්තාපල් බීජ නිෂ්පාදන වගා නිරීක්ෂණ චාරිකාව.අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවාරයේ බී ළූණු වගා වැඩසටහන යටතේ බී ළූණු තවාන් දැමීමේ කටයුතු නිරීක්ෂණ චාරිකාව.කලංකුට්ටිය ගොවිජන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම.

     

    උතුරු පළාතේ යාපනය කෝපායී ප්‍රදේශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ අංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සහ මෑත දී සිරුප්පීඩ් හි ආරම්භ කරන ලද අවාරයේ අර්තාපල් වගා නිරීක්ෂණ චාරිකාව.පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහල්ල ප්‍රදේශයේ විශේෂ මිරිස් ගම්මාන වැඩසටහන නිරීක්ෂණ චාරිකාව.අනුරාධපුර බඩඉරිඟු වගා වැඩසටහන- ග්ලයිෆොසෙට් නොමැතිව පාංශු සංරෂණ සහිත බඩ ඉරිඟු වගා කේෂ්ත්‍ර චාරිකාව.කැකිරාව ආදර්ශ ගෙවතු වගා වැඩසටහන ආරම්භ කිරීම හා කිරි ගවයින් ගොවීන්ට ලබාදීම.

    පොළොන්නරුව, තමන්කඩුව, වැලිකන්ද, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තෝරා ගත් ගෙවතු 150ක් නිරීක්ෂණ කේෂ්ත්‍ර චාරිකාව ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya