සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරුවන් සඳහා විරුසර වරප්‍රසාද කාඩ්පත හඳුන්වා දී‍මට පියවර

    ජනවාරි 08, 2016
    රණවිරුවන් සඳහා විරුසර වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීමේ උත්සවය  ජනවාරි 25 වන දින අතිගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍යගුමාගේ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ සහභාගීක්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත් වේ.
    මේ පිළීබඳ කැබිනට් මණ්ඩලයට ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.   
    ක්‍රියාන්විත සේවයේ යෙදී සිට ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ සාමය ගොඩනැගීම වෙනුවෙන් දිවි පිදූ, අතුරුදන් වූ හා ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට ප්‍රතිලාභ ලබාගත හැකි වන පරිදි විරුසර වමින් වරප්‍රසාද කාඩ්පත හඳුන්වා දීමට තීරණය කොට ඇත.
    එමඟින් පාරිබෝගික භාන්ඩ මිල දී ගැනීමේ දී සහ සෞඛ්‍ය අධ්‍යාපන, බැංකු, රක්ෂණ හා කල්බදු ආදී ක්ෂේත්‍ර ගණනාවක සේවාවන් ලබාගැනීමේ දී ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබාගත හැකිවනු ඇත.
    ඒ අනුව, මේ වැඩසටහනෙහි පළමු අධියර වශයෙන් රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන් 5000ක් දෙනා වෙත එම වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya