මහජන බැංකුවේ කළමණාකාර (3-1) ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන ලිඛිත තරඟ විභාගය - 2015 (2016) විභාගය ජනවාරී අද (10) පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දූෂණය පිටු දැකීම හා නීතියේ ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීම මගින් රටේ යහපාලනයට අවශ්‍ය මංපෙත් විවර වී තිබෙන බවත් බලයට පත්ව,තවත් බලතල වැඩි කරගන්නා මානසිකත්වයෙන් යුත් පුද්ගල සමූහයක් සිටින රටක, එම ප්‍රතිපත්තියෙන් මිදී උඩුගං බලා ගිය නායකයෙකු සිටින වාතාවරණයක් භුක්ති විඳීමට ඉඩප්‍රස්තාව සැලසී තිබෙන බවත් විධායක ජනාධිපති ධූරයේ බලතල අවම කිරීමේ යෝජනාව ජනාධිපතිවරයා වෙතින්ම පැමිණීම ඊට කදිම නිදසුනක් බවත් බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය ප්‍රකාශ කරයි.