දරුවන් සහ දෙමව්පියන් මානසික පීඩාවට ලක්කරන ශිෂ්‍යත්වය වැනි විභාග දිගටම ක්‍රියාත්මක කරනවාද යන්න පිළිබඳව සමාජ කතිකාවක් පවතින බවත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් දවෙනස්කම් සිදුවිය යුතු බවට සමජයේ විවිධ මත පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ආසියාවේ, ඉන්දියාවේ සහ අග්නිදිග ආසියාවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය සඳහා 2016 පෙබරවාරි 01 සිට 03 දක්වා මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාව පිළිබඳ සමුළුවක් පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය, පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (ශ්‍රී ලංකා ශාඛාව) ඒකාබද්ධව සංවිධානය කරයි.
පොදු රද මඬුලු ආසියා කලාප සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01)කොළඹදී ආරම්භ වීමට නියමිතය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ සීත කාලගුණයක් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.