වියපත් කලාකරුවන්ට ආධාර කෙරෙන අරමුදලක් ස්ථාපිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය සංවිධානය කළ “යුග යුග හද රැදි ගී” ප්‍රසංගය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ (31) පස්වරුවේ පැවැත්විණි.
පාර්ලිමේන්තුව සහ විධායකය හැටියට සිතා බලා ආර්ථිකය, අධ්‍යාපනය ඇතුළු අනෙකුත් අංශ ගැන නීති හදන්නට නීති සංශෝධනය කරන්නට අපේ කැමැත්ත අනුව අපට පුළුවන්. එහෙත් ආගමික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී අපි ආගමික නායකයින් සමඟ එක්ව කටයුතු කරනවා මිස,අපිට ඊට මැදිහත්වන්නට ඒකට අතගහන්නට බැහැ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පොදු රද මඬුලු අසියා කලාප සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01)කොළඹදී ආරම්භ විය.
ශ්‍රී ලංකාවේ දී මුඛ,හනුක හා වක්ත්‍ර ශල්‍ය වෛද්‍යවරුන්ගේ දිනය පෙබරවාරි 13 දින ප්‍රථමවරට සමරනු ලැබේ.