ආසියාවේ,ඉන්දියාවේ සහ අග්නිදිග ආසියාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සඳහා,පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය,පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය විසින් සමුළුව සංවිධානය කර තිබේ.
සමුළුව දින තුනක කාලයක්සමුළුව පැවැත්වෙන අතර බංගලාදේශය,
ඉන්දියාව, මැලෙසියාව,මාලදියින්,පාකිස්ථානය,යන රටවල,නියෝජිතයන් සහභාගී වී තිබේ.
මානවහිමිකම් සුරැකීමේ දී හා ප්‍රවර්ධනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව යන්න තේමාව කරගනිමින් සැසිවාරය පැවැත්වෙයි.
මේ අවස්ථාවට කතානායක කරූ ජයසූරිය මහතා, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක,අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ,විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විජිත හේරත්, නලින් බණ්ඩාර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්ම මහත්මීහු ඇතුළු විදෙස් නියෝජිතයෝ රැසක් සහභාගී වී සිටියහ.