2016 වර්ෂය රටේ ආර්ථිකය ගොඩනඟන වර්ෂය බව පැවසූ ජනාධිපතිතුමා මෙම වර්ෂයේදී රටේ සියලු ජනතාවට සමෘද්ධිමත් ජීවිතයක් උදා කර දීම සඳහා වැඩසටහනක් රැසක් කි‍්‍රයාවට නංවන බවද පැවසීය.
අද අපට අවශ්‍ය වී තිබෙන්නේ සංඳියාව, විශ්වාසය, සහෝදරත්වය සහ එකමුතු භාවයයි. අර ලේ, මේ ලේ කියමින් ජනතාව සූක්ෂම ආකාරයෙන් නොමඟ යවා ආවේගශීලීත්වයට පත් කරමින් බොරු ප්‍රෝඩාකාරී ජාතිකත්වයක් මවාපාන යම් පිරිසක් උත්සාහ කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2014 වර්ෂයේ පැවැත්වූ ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම හා ප්‍රාචීන අවසාන විභාග වලින් සමස්ත ලංකා මට්ටමින් පළමු, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා 09 දෙනෙක් වෙත මැලේසියාවේ අධ්‍යාපන චාරිකාවක් සඳහා සහභාගිවීමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදීම ඊයේ (28) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.ඒ. බන්දුසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේ දී සිදු වි ය.
ක්‍රීඩා ශරීර සුවතා ප්‍රවර්ධන සතියට සමගාමීව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් අද සහ හෙට (29,30) යන දෙදින තුළ වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට ඇත.