නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැවත ජනවාර්ගික අර්බුදයක් නිර්මාණය කර රට ආපස්සට හැරවීමට ඇතැම් අන්තවාදීන් මාන බලනවා - අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    ජනවාරි 29, 2016

    අද අපට අවශ්‍ය වී තිබෙන්නේ සංඳියාව, විශ්වාසය, සහෝදරත්වය සහ එකමුතු භාවයයි. අර ලේ, මේ ලේ කියමින් ජනතාව සූක්ෂම ආකාරයෙන් නොමඟ යවා ආවේගශීලීත්වයට පත් කරමින් බොරු ප්‍රෝඩාකාරී ජාතිකත්වයක් මවාපාන යම් පිරිසක් උත්සාහ කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ රන්මිණි තැන්න, ඔසුවින්න දෙවෙනි පෙළ හරස් මාර්ගය ජනතා අයිතියට පැවරීම සහ මත්තල ගුවන් තොටුපලේ අන්තර් හුවමාරුව ඉදිකිරීමේ දී ඉඩම් අහිමි වූ පවුල් සඳහා විකල්ප ඉඩම් ලබාදීම වෙනුවෙන් පැවති ජනහමුවේ දී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

     

    යහපාලන රජයක් පිහිටුවාගෙන වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අවංක පුද්ගලයන් දෙදෙනෙකු රටේ නායකත්වයට පත් කර ගැනීමට මේ රටේ ජනතාවට හැකි වී තිබෙනවා. ගරා වැටුණු දේශය සංහිදියාවෙන් ශක්ති සම්පන්නව නැවත ගොඩ නංවන්නට එතුමන්ලා යම් ප්‍රයත්නයක් දරණ අතර අන්තවාදීන් සුළු පිරිසක් ජාතී ආගම් කුල ගෝත්‍ර භේද අවුස්සමින් රට ආපස්සට හැරවීමේ කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටිනවා.

     

    පසුගිය සති කිහිපය තුළ මේ රටේ සුවිශේෂ සිද්ධීන් කිහිපයක් සිදුවුණා. ඉන් විශේෂිතම සිදුවීම නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් තමන් ඝාතනය කිරීමට පැමිණි කොටි ත්‍රස්තවදියා නිදහස් කිරීමයි. දෙවැනි සිදුවීම නම් දරු ප්‍රසූතිය වෙනුවෙන් රෝහල් ගත වූ උතුරේ කාන්තාවකට අවශ්‍ය වූ රුධරය වීරෝධාර රණවිරුවකු විසින් පරිත්‍යාග කිරීමයි. තුන්වැනි සිද්ධිය නම්, මේ රටේ කොටි ත්‍රස්තවාදය පතුරුවන්නට කැප වී සිටි දයා මාස්ටර් නම් කොටි ත්‍රස්තවාදියා අසධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ අවස්ථාවේ ඔහුට අවශ්‍ය වූ ලේ ලබා දීමටත් වීරෝධාර රණ විරුවකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමයි. තිස් අවුරුදු කුරිරු යුද්ධයේ කෘෘර අත්දැකීම් විඳිමින් විරසකව සිටි මේ රටේ ජනතාව අතීතයේ අමිහිරි අත්දැකීම් අමතක කර අද සංහිඳියාවේ ආශ්වාදය බුක්ති විඳින්නේ එහෙමයි.

     

    අද අපට අවශ්‍ය වී තිබෙන්නේ සංඳියාව, විශ්වාසය, සහෝදරත්වය සහ එකමුතු භාවයයි. අර ලේ, මේ ලේ කියමින් ජනතාව සූක්ෂම ආකාරයෙන් නොමඟ යවා ආවේගශීලීත්වයට පත් කරමින් බොරු ප්‍රෝඩාකාරී ජාතිකත්වයක් මවාපාන යම් පිරිසක් උත්සාහ කරන්නේ මොළේ ඇති වත්මන් නායකයන් දෙපොළ රට ගොඩ නැඟීමට දැණ උත්සාහයට බාධා පැමිණවීමටයි.

     

    අපට මිනිස් ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීම සඳහා යා හැකි හොඳම ස්ථානයක් වන්නේ රෝහලයි. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන රෝගියෙකු ජීවත් කරගැනීමට ශල්‍යකර්මයක් කිරීමට සිදු වේ නම් ඔහුට ලේ ලබා දීම අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කළ පුද්ගලයා සිංහලයෙක් ද, දෙමළ හෝ මුස්ලිම් ජාතිකයෙක් ද, එම තැනැත්තා බෞද්ධයෙක්ද, කතෝලිකයෙක්ද, හින්දුද, ඉස්ලාම් ද කියා සොයා බලන්නේ නැහැ. එය කිසිසේත් අදාල වන්නේ නැහැ. රෝගී පුද්ගලයා ගැලපෙන රුධිර කාණ්ඩය ලබා දීම පමණයි වැදගත් වන්නේ. රට ගොඩනැඟීමත් මිනිසෙකු ජීවත් කිරීම හා සමානයි. රට ගොඩනැඟිම සඳහා වන ජාතික ව්‍යායාමයේ දී අර ලේ, මේ ලේ කියා රට තුළ බෙදීම් ඇති කළොත් අවසානයේ දී සිදු වන්නේ අප සියල්ලන්ගේම ලේ ටික විනාශ වී අන්තවාදය ඉහළට ඒම පමණයි.

     

    මේ රට සිංගප්පූරුවක් කරන්නට 1977 දී ජේ. ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස යන නායකයින් දෙපොළ අත්වැල් බැඳ ගත්තා. එහෙත් ඒ ගමන අඩාල වුණා. ඊට හේතුව උතුරේ දුෂ්ඨ අන්තවාදීක් පිරිසක් විසින් දියත් තළ ත්‍රස්තවාදයයි. රට සීඝ්‍රයෙන් සංවර්ධනය කරනවා වෙනුවට තිස් අවුරුද්දක් මුලුල්ලේ යුද්ධයේ ශාපයට මුහුණ දීමට අපට සිදු වුණා. අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාත් අත්වැල් බැඳගෙන උත්සාහ කරන්නේ රට සංවර්ධනය කිරීම සඳහා ප්‍රවේශයක් ලබාදීමටයි. එහි ප්‍රතිඵලයක් සේ ජාත්‍යන්තර තලයේ කෝටි-ප්‍රකෝටිපතියන් මුදල් ආයෝජනය කිරීමට අපේ රටට පැමිණෙමින් සිටිනවා. එයින් අපේ රටේ කර්මාන්තශාලා බිහි වී නව රැකියා අවස්ථා දස දහස් ගණනක් නිර්මාණය වනවා. ගරු අග්‍රාමාත්‍ය තුමාගේ ඉලක්කය නව කර්මාන්ත ශාලා 5,000ක් අලුතින් බිහි කිරීමටයි. මෙවැනි වාසනාවන්ත පරිසරයක් මෙරට උදාවෙමින් පවතිද්දී එදා උතුරේ දුෂ්ඨ අන්තවාදීන් පිරිසක් කළ දේ ම අද දකුණේ කුහකයන් පිරිසක් ක්‍රියාත්මක කරන්නට තැත් කරනවා. වත්මන් නායකයන් දෙපොළ රටට දායාද කරන්නට සැරසෙන මහා සංවර්ධනය ජාතී ආගම් තුල ගෝත්‍ර අවුස්සමින් විනාශ කරන්නටයි මොවුන් තැත් කරන්නේ. ජනතාව අතර සහෝදරත්වය, සංහිඳියාව තහවුරු කරනවා වෙනුවට වෛරය වැපිරීම මොවුන්ගේ බොරු දේශ මාමකත්වයයි.පසුගිය වකවානුවේ දී මහා භාණ්ඩාගාරය මංකොල්ල කෑ පුද්ගලයන්ගේ ලේ පරීක්ෂා කරන්නට සිදු වී තිබෙනවා.

     

    සැබෑ දේශමාමකත්වය යනු අර ලේ, මේ ලේ කියමින් තැන තැන ජාතිවාදය වැපිරීම නොවෙයි. කුසගින්නේ සිටින ජනතාවට දෙපයින් නැඟි සිටීමට ශක්තිය ලබා දීමයි. කර්මාන්තශාලා රට පුරා ඇතිකර ජනතාවට රැකී රක්ෂා බිහි කිරීම, ජීවත්වීමට ඉඩම් හා නිවාස ලබා දීමයි. නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය උපරිම මට්ටමින් තහවුරු කිරීමයි. දුප්පත්කම තුරන් කිරීමයි. මංමාවත් සංවර්ධනය කිරීමයි. ඒ සියල්ල සඳහා කැපවම අවශ්‍යයි. තීක්ෂණ බුද්ධියක් මෙන්ම මුදල් අවශයයි. එය තැන තැන හිස්බස් දොඩමින් ඇවිදීම මෙන් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. අර ලේ මේ ලේ ගැන කියා කතා කරන පුද්ගලයන් හිතාගෙන සිටින්නේ මේ රටේ ජනතාවට මොළේ නැතැයි කියායි. ජනතාව ඔවුන්ගේ දේශද්‍රෝහී තුට්ටු දෙකේ ව්‍යාපාරවලට ආකර්ෂණය නොවන නිසා මොළේ ඇති හා නැති කොටස් හඳුනාගැනීමට මේ වන විට හැකි වී තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya