පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය,පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය විසින් සමුළුව සංවිධානය කර තිබේ.
සමුළුව දින තුනක කාලයක් පැවැත්වෙන අතර බංගලාදේශය, ඉන්දියාව,මැලෙසියාව,මාලදියින්,පාකිස්ථානය,යන රටවල,නියෝජිතයන් සහභාගී වීමට නියමිතය.
මානව හිමිකම් සුරැකීමේ දී හා ප්‍රවර්ධනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව යන්න තේමාව කරගනිමින් සැසිවාරය පැවැත්වෙයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට මැති ඇමැතිවරු,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සහභාගිවීමට නියමිතය.