සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන අලි තර්ජනය ඇති ගම්මානවල ආරක්ෂාවට පියවර

    අගෝස්තු 06, 2024

    වනජීවී දෙපාර්තමේන්තුවට බහු කාර්ය නිලධාරින් 4000ක් පමණ යොදවා ගනිමින් ඔවුන් වන අලි තර්ජනයට මුහුණ දී තිබෙන ගම්මානවල ආරක්ෂාව සඳහා යොදවන බව  වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

     

    මොරගහකන්ද ව්‍යාපෘතිය හේතුවෙන්  මාතලේ දිස්ත්‍රික්කයේ , එම ව්‍යාපෘතිය අවට පිහිටා ඇති ගම් රැසක ජනතාව වන අලි තර්ජනයට මුහුණ දී සිටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය මෙසේ සඳහන් කළාය.

     

    “අපේ රටේ බහුකාර්ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට  පාරිසරික ඇගයීමක් ක්‍රියාත්මක කරනවා.  සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට වන අලි ගමන් කළ මං පෙත් ඇහිරෙනවා. ඒ සඳහා ප්‍රතිකර්ම යෝජනා කළත් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙනවා.  අලින්ට ගමන් කරන්න තිබෙන පාරවල් මිනිස්සු අල්ල ගන්නවා. එම මං පෙත්වල වගා කටයුතු සිදු කරනවා. එවිට මෙම ප්‍රශ්නය ඇති වෙනවා. පාරිසරික ඇගයීම්වලදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොවීම නිසා මෙම ගැටලු ඇති වෙනවා. ඉදිරියේදී වනජීවී දෙපාර්තමේන්තුවට බහු කාර්යය නිලධාරින් බඳවා ගෙන දිවා රාත්‍රී දෙකේම  ඔවුන් එම කටයුත්තට යෙදවීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරිය පැවසුවාය.

    ඉදිරියේදී වනජීවී දෙපාර්තමේන්තුවට බහු කාර්ය නිලධාරින් 4000ක් පමණ බඳවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන නඩුවක් හේතුවෙන් එම බහුකාර්ය නිලධාරින් ස්ථිර සේවයට බඳවා ගැනීමට නොහැකි  වීතිබෙනවා. එම නඩුව විසඳූණු වහාම ඔවුන්ව ස්ථිර සේවයට බඳවා ගැනීමට බලාපොරොත්තු  වෙනවා.” 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya