සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැටුප් විෂමතා ඉවත් කරන තෙක් විශ්‍රාමිකයින් සඳහා දීමනාවක්

    අගෝස්තු 06, 2024

    වැටුප් විෂමතා ඉවත් කරන තෙක් විශ්‍රාමිකයින් සඳහා රුපියල් 2500ක දීමනාවක් ලබා දීමට එකඟ වී ඇතැයි සභානායක ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසිය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව පැවසීය.

    2016.01.01 දින සිට 2020.01.01 දින දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් විෂමතා ඉවත් කරන තෙක් රුපියල් 2500/ක  දීමනාවක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඉදිරිපත් කළ  යෝජනාවට  කැබිනටි අනුමැතිය හිමි වූ බව ද ඒ මහතා පැවසීය.

    වැඩිදුරටත්  අදහස් දක්වමින් සභානායකවරයා මෙසේද පැවසීය.

    විශ්‍රාමිකයින්  ලක්ෂ හතකගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා සොයා බලා වාර්තා කිරීමට මේ  වන විට කමිටුවක් පත් කර තිබෙනවා. එම වාර්තාව මීළඟ අයවැයට පෙර ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇත.

    විශ්‍රාමික ප්‍රජාව සඳහා රුපියල් 3000/ක මාසික දීමනාවක් සැප්තැම්බර්  මාසයේ සිට ගෙවීමට පසුගියදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී අනුමැතිය හිමිවුණා.   එයින් ආවරණය නොවන පිරිසට වැටුප් විෂමතාව ඉවත් කරන තෙක්, රුපියල් 2500ක දීමනාවක් ලබාදීමට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී  එකඟ වී තිබේ.

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා  ගෙවන පොලී අනුපාත සියයට 2.5කින් වැඩි කිරීමටද ඊයේ කැබිනට් මණ්ඩලය එකග වූ බවද සභානායකවරයා පැවසීය.

    ග්‍රාම නිලධාරින්ගේ ව්‍යවස්ථා ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බවද සභානායකවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya