සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා ඉතිහාසයේ තීරණාත්මක පනත් දෙකක් සම්මත කිරීම අද

    ජූලි 25, 2024

    නිදහසින් පසු ලංකා ඉතිහාසයේ තීරණාත්මක පනත් දෙකක් අද සම්මත කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    මෙම පනතට විපක්ෂ වන කිසිවෙකුට ඉදිරියේදී ආණ්ඩුවක් කිරීමට නොහැකි වන බවද හෙතෙම පැවසීය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා  පැවසුවේ, රටේ සමස්ත පරිවර්තනයක් සිදු වීම සඳහා අවශ්‍ය නොසැලෙන අත්තිවාරමක් සපයන,   ජාතික වැඩපිළිවෙළක්  අද ඉදිරිපත් වන බවයි. 

    මෙම පනතේ  බලාපොරොත්තුව   වන්නේ  මේ රටේ ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම බවද හෙතෙම පැවසීය. ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඵලදායී ලෙස යොදා ගැනීම  අවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    දැනට අපි හුස්ම ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුමට පින්සිදුවන්න.

    කවුරු ආණ්ඩු කළත් ලබන වසර සඳහා අයවැය ලේඛනය හදන්න ඔින. එසේ නොකළොත් රාජ්‍ය ‌ සේවක වැටුප් ගෙවන්න බැහැ. ආණ්ඩුවක් ඇවිත් බැරි වෙලාවත් රට මේ අයට ගියොත් ණය ගෙවන්නත්, විශ්‍රාම  වැටුප් ගෙවන්නත් බැර  වෙනවා.

    මේ රට ණයට ගෙවන්නේ නැතිව 2027 දක්වා පවත්වාගෙන යන්නේ ගිවසුමක් ප්‍රකාරවයි. ඒ සඳහි ශ්‍රී ලංකා ආණ්ඩුව ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ආර්ථික පරිවර්තන පනතේ තිබෙනවා කවුරු ආණ්ඩු කළත් මෙරට ප්‍රථමික ගිණුමේ 2.5%ක  අතිරික්තයක් තිබිය යුතු බවයි. ඒය 2048 වෙනතුරු ඒලෙස පැවතිය යුතුයි. සල්ලි අලුතෙන් අච්චු ගහන්න බැහැ.

    අපි 2027 වනතුරු ණය ගෙවීමට සහණ කාලයක් ලබා ගෙන තිබෙනවා. ආර්ථිකයට අදාළ දේ, ඩිජිටල් කරණයට අදාළ දේ  මෙම පනතේ තිබෙනවා.

    2021 වර්ෂයේදීත්  වර්තමාන ජනාධිපතිවරයා රට ගොඩ ගත්තා. කවුරු ආණ්ඩු කළත්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්තන පනත්  කෙටුම්පත් අනුව කටයුතු කිරීමට සිදු වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya