සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැමිස් (RAMIS) පද්ධතිය ඵලදායි අයුරින් යොදා ගැනීමට පත් කළ ඇමැති අනුකමිටු වාර්තාව ජනපතිට

    ජූලි 25, 2024

    ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායි අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

    මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ‘ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) – නඩත්තු සේවා ලබා ගැනීම’ මැයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 24/0696/604/079 වෙත ලබා දුන් 2024 අප්‍රේල් මස 8 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත් කෙරිණි.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම අනුකමිටුවේ සෙසු සාමාජිකයන් වශයෙන් අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කළහ.

    ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ඵලදායී අයුරින් යොදා ගැනීම සම්බන්ධයෙන් වන ප්‍රධාන නිර්දේශ, වැදගත්කම සහ කඩිනම් මැදිහත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ප්‍රධාන නිර්දේශ 7කින් සමන්විතව මෙම වාර්තාව සකස් කර තිබේ.

    එම ප්‍රධාන නිර්දේශ පහත පරිදි වේ.

    ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ යෙදුම සහ යටිතල පහසුකම් (Application And Infrastructure) කළමනාකරණය කිරීම සඳහා සුදුසු හවුල්කරුවකු/හවුල්කරුවන් හඳුනා ගැනීමට අදාළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ (Expression Of Interest – EOI Process) ක්‍රියාවලිය ආරම්භ කිරීම.
    සිංගප්පුරු කෝපරේෂන් එන්ටර්ප්‍රයිසස් (SCE) ආයතනය සමඟ දැනට ක්‍රියාත්මක නඩත්තු කොන්ත්‍රාත්තුව අවසන් වීමට පූර්වයෙන් විස්තීරණ වූ පවරා ගැනීමේ සැලැස්මක් (Comprehensive Takeover Plan) කඩිනමින් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
    2017 අංක 24 දරන දේශීය ආදායම් පනත හඳුන්වාදීමෙන් අනතුරුව 2019/2020 තක්සේකරු වර්ෂයේ සිට පවතින වත්මන් පද්ධතියේ නිම කළ යුතු කාර්ය ප්‍රමාණය (Backlog) නිශ්කාශනයට ප්‍රමුඛතාවය ලබාදීම කටයුතු කිරීම සහ එහි මාසික ප්‍රගතිය කමිටුවක් මඟින් කාර්තුමය වශයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම
    බදු එකතු කිරීමේ අරමුණු සඳහා අනන්‍යතාවය හඳුනා ගැනීමට ජාතික හැඳුනුම්පත හෝ (අනාගතයේදී ඒ සඳහා හඳුන්වා දෙන වෙනත් ආදේශකයක්) පමණක් භාවිත කිරීම.
    ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය, ආයතන එකිනෙක සම්බන්ධිත රාජ්‍ය රාමුවක් (Connected Government Framework) සමඟ ඒකාබද්ධ කිරීම.
    පරිශීලක මිත්‍රශීලී ද්වාරයක් (User – Friendly Portal) විස්තීරණ වූ පරිශීලක අත්දැකීම් මත වැඩිදියුණු කිරීම් (User Experience [UX] Improvements) සහ විධිමත් මාර්ගගත සන්නිවේදනය (Streamlined Online Communication) තුළින් ආදායම් බදු එකතු කිරීමේ ක්‍රියාවලිය සරල කිරීම.
    මෙම වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා නීති හා රෙගුලාසි සංශෝධනයට ප්‍රමුඛතාවය ලබාදීම.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya