ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික පරිවර්තන පනත දේශපාලන පනතක් නෙවෙයි

    ජූලි 25, 2024

    ආර්ථික පරිවර්තන පනත දේශපාලන වශයෙන් භාවිතා කළ හැකි පනතක් නොව රටේ අනාගතය සඳහා වැදගත් වන පනතක් බව ‌වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    විපක්ෂය චෝදනා කරන්නේ මෙය ඡන්ද ගන්න කරන වැඩක් කියලා. නමුත් මෙම පනතේ හරය ගැන කියනවා නම් එහි විවේඡන ගැන කියනවා. ඒවා නිවැරදි කර ගන්න පුලුවන්. මෙම පනත සඳහා ආර්ථික කොමිෂන් සභාව/ එස්.ඒල්, ජාතික ඵලදායී කොමිෂන් සභාව ආදී වශයෙන් ආයතන  05ක් මේ සඳහා භාවිතා  කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    රට ශක්තිමත්ව ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ මෙම  පනත්හි සඳහන්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රට  වැටුණු අවස්ථාවේ දී ඇතැම් නායකයෙන් පැන ගියේය. එය ගොඩ නැගීම සඳහා ඉදිරිපත් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණි.  එතුමාගේ ඉදිරි වැඩපිළිවෙළ මෙම පනත් මගින් පැහැදිලිව පෙන්නුම් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya