සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට ආගාධයට වැටීමට හේතුව ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තියයි - රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

    ජූලි 25, 2024

    රට ආගාධයට වැටීමට හේතුව ලිහිල් මූල්‍ය ප්‍රතිපත්තිය බවත් මෙවැනි ආර්ථික අර්බුදයක් නැවතත් ඇති නොවීම සඳහා මෙම පනත් ඉතා වැදගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    මූල්‍ය විනයක් ඇති කිරීම සඳහා රජය පනත් රැසක් ඉදිරිපත් කර ඇත.  මෙවැනි ආර්ථික අර්බුදයක් නැවතත් ඇති නොවීම සඳහා මෙම පනත් ඉතා වැදගත්වේ . අද ට ගැලපෙන ආකාරයේ ශක්තිමත් පනතක් අද ඉදිරිපත් කර ඇත මෙහි වගකීම හා වගවීම පිළිබඳව නිශ්චිතවම පෙන්වා දී ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා කීය. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ රට අගාධයකට පත්වූ අවස්ථාවේ දෙකෝටි විසි ලක්ෂයක ජීවිත බාර ගත්ත පාර්ශ්වය සහ එය මග හැරීම සඳහා කෝඳුරු තෙල් සෙවූ පිරිස බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එබැවින් ඒ ඔස්සේ තර්ක ගොඩ නගමින් ජනාධිපතිවරණය පිළිබඳ කතාබහ ඉදිරියට රැගෙන යා හැකි බවයඅමාත්‍යවරයා පෙන්වා  දෙයි.

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පිළිබඳ අදහස් දක්වමින් අමාතයවරයා සඳහන් කළේ එමගින් මුදල් අමාත්‍යාංශ පවා ආර්ථික පාලනය පිළිබඳ ස්වයං විනයක් පවත්වාගෙන යා යුතු බවයි. මීට පෙර රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බලා ශක්තිමත් පනතක් ඉදිරිපත් කිිරීමෙ මෙම කෙටුම්පත සකස් කිරීමේ අරමුණ වූ බව අමාත්‍යවරයා පැවැසීය. රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම සේම වගවීම නිශ්චිතව විවිධ පාර්ශ්ව වෙත මෙමගින් පැවරෙන අතර ඒව නිසි පරිදි විගණනයට යටත් වන ක්‍රමවේදය ද සකස් බව හෙතෙම පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya