සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත අනුව රටේ සමස්ත පරිවර්තනයක්

    ජූලි 25, 2024

    ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සමග, රටේ සමස්ත පරිවර්තනයක් සිදුවිය යුතු බවත් ඒ සඳහා අනපනත් 60කට වැඩි ප්‍රමාණයක් මේ වන විට සම්මත කර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 

     

    යාවත්කාළීන වූ අනෙක් රටවල් අනුගමනය කරන හොඳ ක්‍රියාමාර්ග මේ රටේ අනුගමනය කරන බවත් එම ක්‍රියාමාර්ග අනුමත කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම හරහා සිදු වන බවද කීය.

     

     “ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත

     පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

    මෙම පනතේ ප්‍රධාන අරමුණ තමයි අර්බුදයට ගිය රට නැවත එවැනි තත්වයක් ඇති නොවීමට කටයුතු කිරීම. අපේ රට මූල්‍ය අර්බුදයකට ගිය මූලිකම කාරණාව තමයි මූල්‍ය කළමනාකරණයේ තිබූ දුර්වලතාවය.

     

    එදා විපක්ෂනායකවරයාට මේ රට භාරගන්න අවස්ථාව දුන්නත් ඔහු එය භාරගත්තේ නැහැ.  සිවිල් ක්‍රියාකාරින් හැටියට හඳුන්වන පිරිසක් මේ රට  අත්පත් කරගන්න තිබූ අවස්ථාවක තමයි මේ රට භාරගන්න කිව්වේ. නමුත්  වගකිව යුතු දේශපාලන පක්ෂයක් නම්  එදා මේ රට භාර ගන්න තිබුණා.

     

    මෙම පනත් කෙටුම්පත් වල පවතින ප්‍රධාන කාරණා 03ක් පිළිබඳව සඳහන් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

     

    2022 වර්ෂයේ රාජ්‍ය ණය අනුපාතය 128% ක් ලෙස පැවතුණා. එය 2032 වසර වන විට 95% කට වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යාමට අවශ්‍යයි.

     

    ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2022 වසර වන විට 34.6 %ක්ව පැවති රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාව 2032 වසර වන විට 13% වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යාම අවශ්‍ය වනවා.

     

    එමෙන්ම ණය සේවාකරණය ද ඉතාමත් වැදගත් වනවා. 2022 වර්ෂයේ 9.4% ක්ව පැවති ණය ගෙවීම් අනුපාතය 2027 වසර වන විට 4.5% කට වඩා අඩු කර ගැනීම අවශ්‍ය වනවා.

     

    මෙම කාරණා 03ට විපක්ෂය විරුද්ධ වන්නේ ඇයි? මෙම කාරණා 03ට අනුව කටයුතු කළොත් නැවත කිසි දිනකඅපේ  රට මූල්‍ය අර්බුදයක් ඇති වන්නේ නැහැ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya