සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය විනය ශක්තිමත් කිරීම අද යුගයේ අවශ්‍යතාවක් - ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති 

    ජූලි 25, 2024

    රටේ මූල්‍ය විනය ශක්තිමත් කිරීම අද යුගයේ අවශ්‍යතාවය  වී ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

    කවුරු රට පාලනය කරත් මේ රටේ ආර්ථිකය කඩා නොවැටී ඉදිරියට යාමේ මාර්ගය මෙම පනත් සම්මත කිරීමෙන් ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    අප රටක් වශයෙන් අර්බුදයකට පත් වූ පසුව  රජයට  පැවරුණු වගකීම තමයි රට නැවත  අරාජික තත්වයට පත් වීම වැලැක්වීම. පාර්ලිමේන්තුවේ අපට විශාල වගකීමක් තිබුණා. එම නිසා අපි නව ජනාධිපතිවරයෙක් පත් කර ගත්තා. ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් අපේ රට ඉදිරියට ගෙන යාමට හැකි වුණා

     

    රටේ ආර්ථිකය යථා තත්වයට පතා වූ පසු නැවත මෙවන් තත්වයකට රට පත්වීම වැලැක්විය යුතුයි.

     

    රටේ ආර්ථිකය යථා තත්වයට පත් වූ පසු අපි වෙනස් වුණේ නැත්නම් , ජාතික ආර්ථික මාර්ග සිතියමක් සකස් කර ගත්තේ නැත්නම් අපි කොයිබටද යන්නේ. ඒ නිසා ජාතික ආර්ථික  මාර්ග සිතියමක අවශ්‍යතාවය තිබෙනවා. අපේ රටට ආයෝජකයෙක් එද්දී ඔවුන් බලනවා අපේ රටේ මූල්‍ය විනය. මූල්‍ය විනය ශක්තිමත් කිරීම අද යුගයේ අවශ්‍යතාවය වී තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya