ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘතිම බුද්ධිය හඳුන්වා දීමේ මූලික පියවර  වශයෙන් රාජ්‍ය නිලධාරින්  සහ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා 

    ජූලි 24, 2024

    කෘතිම බුද්ධිය හඳුන්වා දීමේ මූලික පියවර  වශයෙන් රාජ්‍ය නිලධාරින්  සහ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     “කෘතිම බුද්ධිය භාවිත කිරීමේ තාක්ෂණය මගින් ජාතික ආරක්ෂාව, සියලු ආගම් සහ රටේ සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    පසුගිය වසරේ සිට කෘතිම බුද්ධිය මෙරට හඳුන්වා දීම සඳහා විශාල වැඩකොටසක් සූදානම් කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    අනාගත තාක්ෂණය පිළිබඳ මනා දැනුමක් ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ මේ සඳහා කමිටුවක් පත් කළා.  කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් උපායමාර්ගයක් ගොඩ නැගීම සඳහා තමයි මෙම කමිටුව පත් කළේ. ජනාධිපතිවරයා තමයි දුරදක්නා නුවණින් මෙම කටයුත්ත ආරම්භ කළේ.

    ඒ අනුව මෙම වසරේ කාතිම බුද්ධි මධ්‍යස්ථානයක් ගොඩ නගනවා.ඒ සඳහා මෙවර අය වැය තුළින් මුදල් වෙන්වෙලා තිබෙනවා. එම ප්‍රධාන මධ්‍යස්ථාන වලට සමගාමීව දිවයිනේ විවිධ ප්‍රදේශවල කෘතිම බුද්ධි මධ්‍යස්ථාන ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.

     

    පසුගිය කාලයේ කෘතිම බුද්ධි සමාජ ඇති කළා.  පාසල් දරුවන්ට සෑම සතියකම ඒ සඳහා විශේෂ වැඩසටහනක් තිබෙනවා. 

    මේ වන විට සිංගප්පූරුවේ කෘතිම බුද්ධි ආයතනයත් සමග විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    ලෝකයේ කෘතිම බුද්ධිය අතින් ඉහළින්ම ඉන්න රටක් තමයි සිංගප්පූරුව.ප්‍රතිපත්ති සහ රෙගුලාසි ගොඩ නැගූ රටක් වශයෙන් අපට අවශ්‍ය සහයෝගය ලබා දීමට එම රට එකගතාවය ලබා දී තිබෙනවා.

    අද වන විට පාරිභෝගිකයාගේ දත්ත ඔන්ලයින් ෂොප් වලින් පවා ලබා ගන්නවා. ඉදිරියේදී දත්ත ආරක්ෂාවට, අනවශ්‍ය වෙළෙඳාම් නැති කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. 

     

    මෙම තාක්ෂණය මගින් ආගමික නායකයෙක් හෝ ඔිනෑම පුද්ගලයෙක් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. ඉදිරියේදී ජනාධිපතිවරණයේදී දේශපාලන ප්‍රතිරූප නිර්මාණය කරන්න පුළුවන්. එම නිසා ඉදිරි මැතිවරණ වලදී එය අභියෝගයක් වන්න පුළුවන්. මෙවැනි අභියෝග සඳහා නීති රාමුව ගොඩ නැගීමට සයිබර් ආරක්ෂණ අධිකාරී පනත අවශ්‍ය වෙනවා. මේ සඳහා ඉතාමත් ශක්තිමත් නීති රාමුවක් ගොඩ නැගීමට අවශ්‍යයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya