සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් තෙල් නිෂ්පාදන ගැටලුවට මෙම සතිය තුළ පිළිතුරක්

    ජූලි 24, 2024

    පොල් තෙල් නිෂ්පාදනය කිරීමේ ගැටලුව සඳහා මෙම සතිය තුළ පිළිතුරක් ලබා දෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 

    වෙළෙඳපොලේ පොල් තෙල් මිල ඉහළ යාමේ ගැටලුව සම්බන්ධයෙන් ආනයනයකරුවන් සමග සාකච්ඡා කළ බවද වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය. 

    වෙළෙඳපල භාණ්ඩමිල විශාල වශයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ යොමුකල වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    “පොල් තෙල් ආනයනය කරන ක්‍රම 02ක් ති‌බෙනවා. එකක් තමයි සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කළ පොල්තෙල් මෙරටට ගෙන ඒම. එහෙම නැත්නම් රූඩ් ඔයිල් මෙරටට ගෙනැවිත් නිෂ්පාදනය කර විකිණීම

    නමුත් රූඩ් ඔයිල් සඳහා අනුගමනය කරන ප්‍රතිපත්තියේ යම් වරදක් තිබෙනවා. රූඩ් ඔයිල් පිරිපහදු කිරීමේ කර්මාන්තශාලා 04න් 01යි වැඩ කරන්නේ. එම නිෂ්පාදන වැඩපිළිවෙළ අද නැවතිලා තිබෙනවා. සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කළ පොල් තෙල්  ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන්ද නැව්වල ප්‍රශ්නයක්  මතුවෙලා. 

    මේ රටේ ආර්ථික අර්බුදය තුළ වැඩිම පීඩනයට පත් වුණේ පාරිභෝගිකයා. ආර්ථික අර්බුදය පටන් ගත් වෙලේ බලශක්ති අර්බුදයක් මෙරට තිබුණා.  අවශ්‍ය බෙහෙත් නොමැති වීම නිසා  සෞඛ්‍ය පද්ධතිය කඩා වැටුණා. රජය ගෙන ගිය පොහොර ප්‍රතිපත්තිය නිසා නිෂ්පාදනය කඩා වැටීම තුළ  අවශ්‍ය නිෂ්පාදන සීමා කිරීම  සහ ආනයනික භාණ්ඩ සීමා කිරීම නිසා වශාල වශයෙන් භාණ්ඩ මිල ඉහළ ගියා. එම නිසා ආහාර උද්ධමනය 94% දක්වා ඉහළ ගියා.

    නමුත් අද වෙද්දී ඒ තත්වය පාලනය කරගෙන තිබෙනවා.පසුගිය කාලයේදී ව්‍යාපාරිකයින්ට තිබූ ගැටලු වලට විසඳුම් වශයෙන් ඔවුන් කළේ භාණ්ඩ මිල වැඩි කිරීම. එම නිසා මේ වන විට භාණ්ඩ මිල පිළිබඳව රජය විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya