වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුයි යන ස්ථාවරයේ රජය තවමත් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. අද (24) පාර්ලිමේන්තුවේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ සම්බන්ධයෙන් රජය තවමත් මැදිහත් වී කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය
“හාම්පුත්තු විසින් අධිකරණයට ගිහිල්ලා නඩුවක් පවතින නිසා මට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න බෑ. රජයේ ස්ථාවරයේ වෙනසක් නෑ. අපි ඒ ස්ථාවරයේම ඉන්නවා.