ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදීන්ටත් තැපැල් ඡන්දය ඉල්ලයි 

    ජූලි 24, 2024

    මාධ්‍ය හැඳුනුම්පත හිමි මාධ්‍යවේදීන්ට, ඉදිරි මැතිවරණවලදී තැපැල් ඡන්දය  භාවිතා කිරීමේ අවස්ථාව ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා  අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා   මෙසේද පැවසීය.

    අපේ රටේ  ලියාපදිංචි රූපවහානී නාලිකා 17ක් තිබෙනවා. FM නාලිකා 52ක් තිබෙනවා. මෙම මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ට බොහෝ  මැතිවරණ වලදී ඡන්දය භාවිතා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මාධ්‍යවේදීන් බොහෝ විට  එදිනට ඉන්නේ සජීවී විකාශවල.  මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මගෙන් ඉල්ලීමක් කළා.  

    ඒ අනුව ඉදිරි මැතිවරණවලදී මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දය  භාවිතා කිරීමේ අවස්ථාව ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන බව  රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya