සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් නඩු විධාන සංග්‍රහ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන් නඩු කටයුතුවල ප්‍රමාදය වළක්වා ගත හැකියි -අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා

    ජූලි 23, 2024

    සිවිල් නඩු විධාන සංග්‍රහ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන් නඩු කටයුතුවල ප්‍රමාදය වළක්වා ගත හැකි බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ  අද(23) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා  මෙසේ පැවසුවේ මේ වන විට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අදාළ පනත් 45 කට වැඩි සංඛ්‍යාවක් සම්මත කර ගෙන ඇති බවයි.නඩු තීන්දුවක් දුන් විට විද්‍යුත් තැපැල් ක්‍රමය මඟින් යැවීමට හැකි නම් එය කාර්යක්ෂම වෙන බවද හෙතෙම පැවසීය.

     වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා  මෙසේ පැවසීය.

    සිතාසි බාර දී ගත නොහැකි තැන් තිබෙනවා. දික්කසාද නඩු සම්බන්ධව වැඩියි. යම් කරුණු නිසා දික්කසාද වීමට අධිකරණයට යන විට අනෙක් පාර්ශ්වය විදේශගත වෙලා. විදේශ රටට සිතාසි බාර දීමට සිදු වීමේදී විද්‍යුත් ක්‍රමයට යැවීමට සිදු වෙනවා. දැනට මෙරට පවතින දික්කසාද පනත ඉවත් කර අලුත් පනත් කෙටුම්පතක් සකස් කර තිබෙනවා. වසර ගණනක් නඩු විභාග නොපවත්වා නඩු අවසන් කරන විදියට එය සකස් කර තිබෙනවා. විදෙස් රටවල දෙන දික්කසාද නඩු තීන්දු ලංකාව තුළ නොපිළිගන්නා තත්ත්වයක්, ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් තිබෙනවා. ඒ සඳහා විදේශ නඩු තීන්දු බලාත්මක කිරීමේ පනත ගෙන එනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya