සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මතයි

    ජූලි 24, 2024

    සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. 

    පනත් කෙටුම්පත දෙවන වන කියවීමේ විවාදය ඊයේ (23) පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වූ අතර ඉන් පසු එළැඹි කාරකසභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කෙරිණි.

     සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් උක්ත පනත් කෙටුම්පත 2024 මැයි 13 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya